skip to main | skip to sidebar

සීතල හිම රටේ ...

සීතල හිමරටක ඉඳන් ඉපදුණ පුංචි රට වෙනුවෙන් සටහන් පෙළක් ....

Thursday, July 22, 2010

නොනවතින කතාවක් කියන්නම්

කවදාවත් අමතක කලත්, අමතක නොවන අමතක නොකළ හැකි කතාවක් තමයි "ආදරයේ මිහිරි අමිහිරි අත්දැකීම්."
ගොඩක් ආදරය කරලා ජීවිතෙය් එයාව ලබාගන්න බැරි උනාම, ගොඩක් කෙල්ලෝ කියන්නේ කොල්ලන්ට නම් ඒක කාලයත් එක්ක අමතක වෙන අමතක කරන්න
ශක්තියක් තියෙන උදවිය කියල. එයාල ආදරයට වඩා "රාගයට" තැන දෙන අයලු බොහෝවිට. එයාලට ඉවසීම සහ ආදරය එකට ගෙනයන්න බැරි අයලු. කෙල්ලෙක්ගේ හිත බිදලාතවත් හිතකට ජීවිතය දෙන්න තරම් තදබල හිත ඇති ජාතියක්ලු. කොහොම උනාත්, මම කෙල්ලෙක් නිසා පිරිමි මේ තරම් හිතක් පපුවක් නැති අය විදිහට දකින්නේ නැහැ. මොකද ගැහැණු උදවිය හැමවිටම ආදරයට පමණක්ම පන දෙන අය කියල කිව්වොත්, ඒක 100% හරි කතාවක් නෙමෙඉ. මට හිතෙන්නේ ගැහැණු උනත් පිරිමි උනත් ආදරය දක්කින්නේ තමන්ට ඕන රටාවට. සමහරු තමන්ගේ උවමනා එපා කම් මත, තමන්ගේ ජීවිත අත්දැකීම් මත, හෝ තමන්ගේ අම්මා තාත්තගේ බලපෑම් මත හෝ එහෙමත් නැත්නම් අනනුන්ගේ කරපිට තියල ( ඒ කියන්නේ එක්කෝ කියනවා අම්මා කැමති මෙහෙම කෙනෙක්ට, නැත්නම් මේක "ප්රැකක්ටිකල්" නැති දෙයක්, නැතම් මට ප්රසශ්න තියෙනවා හරි මොකක් හරි සරිලන "එක්ස්ගිඋස් " එකක් ගෙනල්ල) තමා කියපු උතරීතර ආදරයට නැවතීමක් තියනවා. ඒක කෙනෙක් තමනට ආත්ම ශක්තියක් නැති කමට ආදරය වෙනුවෙන් කට්ට කන්න හෝ අවංකවම තමන්ගේ ආදරය ගෙනයන්න කරන්න කිසිම ශක්තියක් බලයක් නැති කමට හෝ එහෙමත් නැත්නම් වෙන මලකට (තමන්ගේ ලෙවල් එකට හරියන හෝ "සොසයිටි" එකට ලෙවෙල් වෙන මලක්) සෙට් වෙන්න පාරක් කපා ගන්න පසු කාලයක කරන කැත වැඩක් නිසා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම්, පසුව හිතෙන " මේක මට ගැලපෙන බඩුවක් නෙමෙඉ, මම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙක්, මම බදින්නේ මොනවගේ කෙල්ලෙක්ද කියල මගේ හිත දන්නවා...."එහෙමත් දැනගෙන මම හිටියට ටයිම් පාස් කරන්න කරන වැඩක් මේක මගේ " මෙවැනි ගුණමකු තීරණ ( ඇඉ ගුණමකු කියන්නේ දන්නවද? මීට වඩා හිතල බලලා ආදරය කල යුතුඉ. ඔච්චරටම ඔය කියන විදිහේ කෙනෙක් ඕන නම්, ආදරයෙන් වශී නොවී, බුද්ධි මත්ව හරි මම දන්නවා මට මෙහෙම එනේක්ව ගැලපෙන්නේ, ඉතින් මම ආදරය කරන්නේ මෙහෙම කෙනෙකුට විතරයි කියල ආදරය කරන එක ගුණයි එක අතකට. ඒක සදාරණීය හිතීමක් නොවන්න පුළුවන්, හැබයි ආදරය කරලා හිතුන පලියට, පසුව ඩම්ප් කරනවට වඩා, හිතල බලල තමන්ට ඕන කෙනාට ආදරය කරන එක හොදයි. ඔබ එහෙම විශේෂයෙන්ම අරව මේවා බලාපොරොත්තු වෙන ගැහැනියක් හෝ පිරිමියෙක් නම් තවත් කෙනෙකුගේ හදවතේ තුවාලයක් ඇති නොකර, තමන්ට ඕනෑමයි මෙවැනි විදිහේ කෙනෙක් බදින්න කියන අයට කියන දෙයක් තමයි ඕක මම. අන්නුනට රිද්දල තවත් කෙනෙක්ව බැදල තමන් සතුටෙන් පවුල් කන එක පවු. අනිත් කෙනා හිතින් දුක් විද විද නැති උන ආදරය ගැන ලත වෙන කොට කාත් කවුරුත් නැතුව ජීවිතේ, ඔබ කොහොමද සන්තෝසෙන් ළමයි හදාගෙන ජීවත් වෙන්නනේ? මම මෙහෙම කියන්නේ, මම දකින ආදරය ඔය කියන උතරීතර ආදරය දෙන්න පුළුවන් දෙමාපියනට පමණයි. මොකද දන්නවද, අපි ආදරය කරනකොට ගොඩක් දේවල් දැනුවත්ව හෝ නොදැනුවත්ව බල පොරොත්තු වෙනවා අපි කැමැති කෙනාගෙන්. ඔන්න ඉතින් කෙල්ල, ගොඩක් ලස්සන නම්, ගොඩක් ඉගෙන ගත්ත කෙනෙක් නම්, සල්ලිත් තියෙනවනම්, පෞලුත් හොදනම්, කෙල්ලත් හොදනම්, අනේ අප්පෝ ඕන යකෙක් පහුවෙන්දම බැදී. මොකද ඔක්කොම තියෙන "පැකේජයක්" නිසා. කොල්ලෝ විටරක් නෙමෙඉ, කෙල්ලොත් එහෙමයි. කොහොම උනත් අපි කරන හරි, කරපු හරි ආදරයක් මකන්න කෙල්ලෙක්ට නම් ගොඩක් කාලයක් යනවා ඇත්තටම ආදරය කලා නම්. ඒක හරි වේදනාත්මක මතක සටහනක්. කෙල්ලෙක් එහෙම ආදරයකින් පස්සේ බැන්දම, මහත්තය ලස්සන කාරුනීක ආදරයක් නොදෙනවානම්, කෙල්ල බිරිදක් වශයෙන් එතන ආදරයට වඩා කරන්නේ "කොම්ප්ර මයිස්" එකක්. හැබැයි, මහත්තය ගොඩක් බුද්දිමත් ජීවිතේ තේරුම් ගත්ත සහ අවන්කවම තමන් බැදපු කෙනාට අනේ මගෙත් එයාගේ ජීවිතෙත් මොනතරම් අතීතයක් තිබුනත්, අපි දැන් එක ජීවිතයක් විදිහට ඉන්නවා කියල හිතාගෙන අවංක හිතින් කරුණාවෙන් ආදරයක් දෙන්න පුළුවන් නම්, පරණ තුවාල අතීතයේ අමතක කිරීම කජ්ජක් නෙමෙඉ. මොකද දන්නවද, එතකොට හිතෙනවා මෙන්න මේක තමයි මිහිරි ප්රතරාථකාමී
සැබෑ ආදරයක් කියල. කලින් අතීතයේ හිටපු කෙනා වගේ ආත්මාර්ථකාමී නෙමෙඉ කියල. මොන අඩුපාඩු තිබුනත්, අපි කොහොම හරි ඒවා හද ගෙන ( අපි දන්නවා එකට ඉන්නකොට බැදලා, හැම දේම ගැලපෙන්නේ නැහැ තමයි. මොකද වෙනස් දෙන්නෙක් එකට එක වහලක් යට ජීවිතේ බෙදාගෙන පවුල් කන්න හදන නිසා. ඉතින් වැඩේ ලේසි නැහැ. යාලු වෙලා ඉන්නකොට වගේ නෙමෙඉ. මේක ඉවසීමෙන්, කරුණාවෙන්, රළු පරළු භාදක මැද යන ගමනක්නේ. එකයි. ). ඉතින් ජීවත් වෙලා ඉන්න කලේ පුළුවන් තරම් හොදින් ඉන්න බලන්න. නැත්නම් මැරුණට පස්සේ අඩල වැඩක් නැහැ. මොකද අපි කරන හැම දෙයක්ම සදාතනික නොවෙඉ. අඩුම ගානේ, සාධාරණීය මනුස්සයෙක් නම්, තමන් කෙනෙක්ට මිහිරි ආදරය දෙන්න. එය තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය වෙන්න පුළුවන්, නැත්නම් සැමියා බිරිද වෙන්න පුළුවන්. ( මෙතනදී අපි ගැහැනියක් පිරිමියක් අතර ඇති ආදරයක් ගැන කතා කරන නිසා, දෙමාපිය, හෝ වෙනයම් ආදර කොට්ටාසයන් ගැන කතා කරන්නේ නැහැ...) හැම තිස්සෙම මතක තියා ගන්න අනුන්ට මිහිරි ආදරයක් දෙන්න, අමිහිරි වේදනාත්මක අත්දැකීමකට වඩා. එක ලොකු පිනක් ජීවිතේ. කෙනෙක්ට ඇත්තට ආදරය කරලා එයාගේ ජීවිතේ සතුටින් තියන එක. එක දේව ගතියක් මනුස්ස රූපයෙන් ඉන්න ඔබේ.
 -------------------------------------------------------------------------------------------------------
 -------------------------------------------------------------------------------------------------------
නොනවතින කතාවක් කියන්නම්SocialTwist Tell-a-Friend
Posted by S.A. at 11:30 PM 3 comments
Labels: ආදරය

Thursday, July 8, 2010

චිත්‍ර අඳින දෘෂ්යාබිතයා


කාලෙකින් යමක් ලියන්න බැරිවුනා. පහු ගිය දවස් ටිකේම විභාග නිසා කාර්යබහුල උනත් යමක් ලියන්න ඕනා කියන ආශාව තිබුනා. කොහොම උනත් මේ video එක බලපු ගමන් මේ ගැන මගේ බ්ලොග් එකේ ලියන්න ඕනයි කියලා පුංචි වෙලාවක් හොයා ගත්තා.
අපි ජීවිතයේ හැම දෙයක් තිබිලත් සමහර වෙලාවට කොයිතරම් complain කරනවද ? එත් ශාරීරික අභාදිතව නොයෙකුත් දස්කම් පෙන්වන අය ගැන නොයෙකුත් video දර්ශන අපමණවත් මම දැකලා තියෙනවා. ඉතින් පුංචි පණිවිඩයක් ඉතිරි කරලා මම අදට සමුගන්නම්.

I will never complain about any thing in my life again.

පහලින් තියෙන්නේ අපේ අම්මා ඉස්සර දැනගෙන හිටිය පද අමතක උන කවි පේලි කිහිපයක් . ඒක මේ කතාවට සම්බන්දයක් තියෙන නිසා අම්මට මතක චුට්ට මම පලකරන්නම්. ඔයාල දන්නවනම් ඉතිරි පද පේලි ටික හෝ නැත්නම් ඔයාල හිතනවානම් ඔයාලට ඒක සම්පුර්ණ කරන්න පුළුවන් කියලා පහලින් තියෙන comment box එකේ ලියලා යන්න.

කුංකුම අංජන ඉල්ලා හැඩුවෙමි ඇස් යුග නැති නුඹ දකිනතුරා ....
මිරිවැඩි සගලක් ඉල්ලා හැඩුවෙමි පා යුග නැති නුබ දකින තුරා ...
රිදී කාසි ඉල්ලා හැඩුවෙමි .............................
...............................................

විනෝදාත්මක video (Funny Videos ) රැගත් මේ වෙබ් අඩවියත් චුට්ටක් බලලා යන්න.
Funny videos
චිත්‍ර අඳින දෘෂ්යාබිතයාSocialTwist Tell-a-Friend
Posted by S.A. at 5:44 PM 1 comments
Labels: රූප දසුන්
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

Sinhala Fonts

If you can not read this website please install sinhala fonts to your computer.
Get Sinhala fonts - Click here

Labels

  • ආදරය (5)
  • කෙල්ලන්ගේ පින්තුර (3)
  • ක්‍රීඩා (1)
  • ක්ෂණික පුවත් (2)
  • ගී පෙළ (3)
  • පින්තුර කතා (7)
  • පුද්ගලික (2)
  • රස මුසු දේ (2)
  • රූප දසුන් (3)
  • සජීවී විකාශන (1)

Blog Archive

  • ▼  2010 (28)
    • ►  November (1)
    • ▼  July (2)
      • නොනවතින කතාවක් කියන්නම්
      • චිත්‍ර අඳින දෘෂ්යාබිතයා
    • ►  May (15)
    • ►  April (10)

මගේ (ශාන්‍යයා) ගැන චුට්ටක් ....

මම ලංකාවේ ඉපිදිලා අවුරුදු කිහිපයකට කලින් පිටරටක පදිංචියට අවේ මීට අවුරුදු කීපයකට ඉස්සෙලයි .....පොඩිකාලේ ඉදලම සිංහලෙන් ඉගෙනගත්ත මට මෙහෙදී වෙනස් ලෝකයක ජීවත් වෙන්න වෙලා ..ඉතින් මම හිතුව ලංකාවේ අය එක්ක යහළුකම තියාගන්න පෙස් බුක් පිටුවක් සිංහලෙන් පවත්වාගෙන යන්න. ඒකේ පසු ප්‍රතිපලයක් තමයි මේ බ්ලොග් පිටුව .. ....ලංකාවේ යහළුවන්ට මම ආරාධනා කරනවා මගේ මේ බ්ලොග් එකට සම්බන්ද වෙන්න. මට මුලිකවම මගේ සිංහල ලියන කියන හැකියාව පවත්වාගෙන යන්න ඕන. මම ලියන අදහස් වල ව්‍යාකරණ අඩුපාඩු ඇත්නම් සමා වෙන්න. මම හිතන්නේ ඔයාල මගේ උත්සාහයට උදව් කරයි කියලයි...

lankeeya sithuwili

මේ වෙබ් අඩවිත් බලන්න...

  • lankahelp.com
    Guide to Buying a Darbuka and Learning to Play it.
    2 years ago
  • Medical Mysteries
    Mystery Diagnosis -- Behcet's Disease, Part 2 of 2
    14 years ago
  • Shanya TV
    WWF/WWE
    15 years ago
  • lovers lane
    Hangumbari - හැන්ගුම්බරි By Amila and Irosha
    15 years ago
  • Funny Videos

Followers

free counters
Follow this blog
Powered by Blogger.
 
Copyright © සීතල හිම රටේ .... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio
Downloaded from free website templates