ගොඩාක් කාලෙකට පස්සේ අද ලියනේ. නොලියා ඉන්න හේතුවක් උනේ මම university අධ්‍යාපනය පටන් ගත්ත නිසයි. මගේ university එක තියෙන්නේ ගෙදරට ගොඩාක් ඈතින්. හරියටම 350km විතර අපේ ගෙදර ඉදන් යන්න ඕනා. ඉතින් මම rented apartment එකක පදිංචි උනා. මුලින් මුලින් හරි අමාරුවෙන් සිටියත් (මම ගෙදරින් පිට ඉඳලම නැහැ ) දැන් නම් ටිකක් හුරුයි. ඒවගේම මගේ කෑම වේලත් මමම හදා ගන්න ඕනා. ලංකාවේ කට්ටිය මේ පළාතේ අඩු නිසා සිංහල කෑම තියෙන කඩයක්නම් නැහැ.
ඉතින් දැන් ශ්‍රීත කාලය ආරම්භ වේගෙනයි එන්නේ. අද උෂ්ණත්වය බින්දුවයි (o C ), ගස්වල කොළ පට වෙලා වැටෙන්න අරන්, ඒවගේම ඉකනට කළුවර වැටෙනවා. පසුගිය අවුරුද්දේ එතරම් හිම පතනයක් නොතිබුන නිසා මේ අවුරුද්දේ තදින් හිම පතනයක් තියේවි කියලයි බලාපොරොත්තු වෙන්නේ.
දැන් ටිකක් මම අලුත් ජීවිතයට හුරු නිසා චුට්ටක් ලියන්න පුළුවන් වෙයි. ඉතින් මම ඉස්සරහට ලියන්නම්කො මෙහෙ කාලගුණ විපර්යාස ගැන. කැනඩාවේ මිනිස්සුනම් දවසේ කිහිප පාරක්ම කාලගුණ තත්වය television එකෙන් හරි online හරි චෙක් කරනවා. කාලගුණය වෙනස් වෙන්න ගතවන්නේ ඉතාම සුළු කාලයයි. ඉතින් රසවත් සහ දැනුමට යමක් මම කාලගුණය ගැන ඉක්මනින්ම ලියන්නම්. උෂ්ණත්වය බින්දුවටත් වඩා අඩුවුණාම වෙන මොකක් කරන්නද ? මමනම් කාලගුණයට කවදාවත් දොස් පවරන්නේ නැහැ. හොඳට ඇඳ ගත්තම රින හතලිහක උෂ්ණත්වය උනත් ප්‍රශ්නයක් නෙමේ.
හා , ලංකාව ගැන සහ ලාංකිකයෝ ගැන තොරතුරු කතා කරන වෙබ් අඩවියක් ලඟකදී හම්බ උනා. එය ප්‍රශ්න/ගැටළු සහ උත්තර අඩවියක්. ලාංකිකයකුට හරි වෙනත් ලංකාව ගැන උනන්දුවක් ඇත්තෙකුට හරි කිසියම් ලංකාව ගැන අදාල දෙයක් ඉක්මනින් දැන් ගන්න ඕන නමේ මෙහි ප්‍රශ්න ඇසීමෙන් පිළිතුරක් ලබා ගන්න පුළුවන්. ඒවගේම මේ අඩවියේ දී ඔබේ දැනුම බෙදාගෙන අලුත් මිතුරු කැලක් ගොඩ නගා ගන්නත් ඔබට පුළුවන්.
ඔබට බ්ලොග් අඩවියක් හෝ වෙබ් අඩවියක් තිබේනම් මෙහි උත්තර සැපයීමෙන් බච්ක්ලින්ක්ස් ගොඩ නගා ගැනීමෙන් ඔබේ page ranking ගොඩ නගාගෙන visitors ලා වදිකරගන්නවා වගේම ඔබේ වෙබ් අඩවියට ප්‍රචරනයකුත් මේ වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි බව නොඅනුමනි.ඒවගේම ඔබට පුලුවන්නම් මෙම වෙබ් අඩවිය ගැන ඔබේ බ්ලොග් එකේ ලියන්න , අපි එය ඉතා අගය කොට සලකන්නෙමු.
මේ පහත දැක්වෙන්නේ ඒ වෙබ් අඩවිය සම්බන්ද කරුණු කිහිපයක්.
ලකුණු දීමේ ක්‍රමය.
මෙතනින් ඔයාලට ඒ වෙබ් අඩවියට යන්න පුළුවන්.www.lankahelp.com
වෙබ් පිටුවේ facebook fan page එක:
http://www.facebook.com/pages/lankahelpcom/123863484340715
Saturday, November 13, 2010
Thursday, July 22, 2010
නොනවතින කතාවක් කියන්නම්
කවදාවත් අමතක කලත්, අමතක නොවන අමතක නොකළ හැකි කතාවක් තමයි "ආදරයේ මිහිරි අමිහිරි අත්දැකීම්."
ගොඩක් ආදරය කරලා ජීවිතෙය් එයාව ලබාගන්න බැරි උනාම, ගොඩක් කෙල්ලෝ කියන්නේ කොල්ලන්ට නම් ඒක කාලයත් එක්ක අමතක වෙන අමතක කරන්න
ශක්තියක් තියෙන උදවිය කියල. එයාල ආදරයට වඩා "රාගයට" තැන දෙන අයලු බොහෝවිට. එයාලට ඉවසීම සහ ආදරය එකට ගෙනයන්න බැරි අයලු. කෙල්ලෙක්ගේ හිත බිදලාතවත් හිතකට ජීවිතය දෙන්න තරම් තදබල හිත ඇති ජාතියක්ලු. කොහොම උනාත්, මම කෙල්ලෙක් නිසා පිරිමි මේ තරම් හිතක් පපුවක් නැති අය විදිහට දකින්නේ නැහැ. මොකද ගැහැණු උදවිය හැමවිටම ආදරයට පමණක්ම පන දෙන අය කියල කිව්වොත්, ඒක 100% හරි කතාවක් නෙමෙඉ. මට හිතෙන්නේ ගැහැණු උනත් පිරිමි උනත් ආදරය දක්කින්නේ තමන්ට ඕන රටාවට. සමහරු තමන්ගේ උවමනා එපා කම් මත, තමන්ගේ ජීවිත අත්දැකීම් මත, හෝ තමන්ගේ අම්මා තාත්තගේ බලපෑම් මත හෝ එහෙමත් නැත්නම් අනනුන්ගේ කරපිට තියල ( ඒ කියන්නේ එක්කෝ කියනවා අම්මා කැමති මෙහෙම කෙනෙක්ට, නැත්නම් මේක "ප්රැකක්ටිකල්" නැති දෙයක්, නැතම් මට ප්රසශ්න තියෙනවා හරි මොකක් හරි සරිලන "එක්ස්ගිඋස් " එකක් ගෙනල්ල) තමා කියපු උතරීතර ආදරයට නැවතීමක් තියනවා. ඒක කෙනෙක් තමනට ආත්ම ශක්තියක් නැති කමට ආදරය වෙනුවෙන් කට්ට කන්න හෝ අවංකවම තමන්ගේ ආදරය ගෙනයන්න කරන්න කිසිම ශක්තියක් බලයක් නැති කමට හෝ එහෙමත් නැත්නම් වෙන මලකට (තමන්ගේ ලෙවල් එකට හරියන හෝ "සොසයිටි" එකට ලෙවෙල් වෙන මලක්) සෙට් වෙන්න පාරක් කපා ගන්න පසු කාලයක කරන කැත වැඩක් නිසා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම්, පසුව හිතෙන " මේක මට ගැලපෙන බඩුවක් නෙමෙඉ, මම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙක්, මම බදින්නේ මොනවගේ කෙල්ලෙක්ද කියල මගේ හිත දන්නවා...."එහෙමත් දැනගෙන මම හිටියට ටයිම් පාස් කරන්න කරන වැඩක් මේක මගේ " මෙවැනි ගුණමකු තීරණ ( ඇඉ ගුණමකු කියන්නේ දන්නවද? මීට වඩා හිතල බලලා ආදරය කල යුතුඉ. ඔච්චරටම ඔය කියන විදිහේ කෙනෙක් ඕන නම්, ආදරයෙන් වශී නොවී, බුද්ධි මත්ව හරි මම දන්නවා මට මෙහෙම එනේක්ව ගැලපෙන්නේ, ඉතින් මම ආදරය කරන්නේ මෙහෙම කෙනෙකුට විතරයි කියල ආදරය කරන එක ගුණයි එක අතකට. ඒක සදාරණීය හිතීමක් නොවන්න පුළුවන්, හැබයි ආදරය කරලා හිතුන පලියට, පසුව ඩම්ප් කරනවට වඩා, හිතල බලල තමන්ට ඕන කෙනාට ආදරය කරන එක හොදයි. ඔබ එහෙම විශේෂයෙන්ම අරව මේවා බලාපොරොත්තු වෙන ගැහැනියක් හෝ පිරිමියෙක් නම් තවත් කෙනෙකුගේ හදවතේ තුවාලයක් ඇති නොකර, තමන්ට ඕනෑමයි මෙවැනි විදිහේ කෙනෙක් බදින්න කියන අයට කියන දෙයක් තමයි ඕක මම. අන්නුනට රිද්දල තවත් කෙනෙක්ව බැදල තමන් සතුටෙන් පවුල් කන එක පවු. අනිත් කෙනා හිතින් දුක් විද විද නැති උන ආදරය ගැන ලත වෙන කොට කාත් කවුරුත් නැතුව ජීවිතේ, ඔබ කොහොමද සන්තෝසෙන් ළමයි හදාගෙන ජීවත් වෙන්නනේ? මම මෙහෙම කියන්නේ, මම දකින ආදරය ඔය කියන උතරීතර ආදරය දෙන්න පුළුවන් දෙමාපියනට පමණයි. මොකද දන්නවද, අපි ආදරය කරනකොට ගොඩක් දේවල් දැනුවත්ව හෝ නොදැනුවත්ව බල පොරොත්තු වෙනවා අපි කැමැති කෙනාගෙන්. ඔන්න ඉතින් කෙල්ල, ගොඩක් ලස්සන නම්, ගොඩක් ඉගෙන ගත්ත කෙනෙක් නම්, සල්ලිත් තියෙනවනම්, පෞලුත් හොදනම්, කෙල්ලත් හොදනම්, අනේ අප්පෝ ඕන යකෙක් පහුවෙන්දම බැදී. මොකද ඔක්කොම තියෙන "පැකේජයක්" නිසා. කොල්ලෝ විටරක් නෙමෙඉ, කෙල්ලොත් එහෙමයි. කොහොම උනත් අපි කරන හරි, කරපු හරි ආදරයක් මකන්න කෙල්ලෙක්ට නම් ගොඩක් කාලයක් යනවා ඇත්තටම ආදරය කලා නම්. ඒක හරි වේදනාත්මක මතක සටහනක්. කෙල්ලෙක් එහෙම ආදරයකින් පස්සේ බැන්දම, මහත්තය ලස්සන කාරුනීක ආදරයක් නොදෙනවානම්, කෙල්ල බිරිදක් වශයෙන් එතන ආදරයට වඩා කරන්නේ "කොම්ප්ර මයිස්" එකක්. හැබැයි, මහත්තය ගොඩක් බුද්දිමත් ජීවිතේ තේරුම් ගත්ත සහ අවන්කවම තමන් බැදපු කෙනාට අනේ මගෙත් එයාගේ ජීවිතෙත් මොනතරම් අතීතයක් තිබුනත්, අපි දැන් එක ජීවිතයක් විදිහට ඉන්නවා කියල හිතාගෙන අවංක හිතින් කරුණාවෙන් ආදරයක් දෙන්න පුළුවන් නම්, පරණ තුවාල අතීතයේ අමතක කිරීම කජ්ජක් නෙමෙඉ. මොකද දන්නවද, එතකොට හිතෙනවා මෙන්න මේක තමයි මිහිරි ප්රතරාථකාමී
සැබෑ ආදරයක් කියල. කලින් අතීතයේ හිටපු කෙනා වගේ ආත්මාර්ථකාමී නෙමෙඉ කියල. මොන අඩුපාඩු තිබුනත්, අපි කොහොම හරි ඒවා හද ගෙන ( අපි දන්නවා එකට ඉන්නකොට බැදලා, හැම දේම ගැලපෙන්නේ නැහැ තමයි. මොකද වෙනස් දෙන්නෙක් එකට එක වහලක් යට ජීවිතේ බෙදාගෙන පවුල් කන්න හදන නිසා. ඉතින් වැඩේ ලේසි නැහැ. යාලු වෙලා ඉන්නකොට වගේ නෙමෙඉ. මේක ඉවසීමෙන්, කරුණාවෙන්, රළු පරළු භාදක මැද යන ගමනක්නේ. එකයි. ). ඉතින් ජීවත් වෙලා ඉන්න කලේ පුළුවන් තරම් හොදින් ඉන්න බලන්න. නැත්නම් මැරුණට පස්සේ අඩල වැඩක් නැහැ. මොකද අපි කරන හැම දෙයක්ම සදාතනික නොවෙඉ. අඩුම ගානේ, සාධාරණීය මනුස්සයෙක් නම්, තමන් කෙනෙක්ට මිහිරි ආදරය දෙන්න. එය තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය වෙන්න පුළුවන්, නැත්නම් සැමියා බිරිද වෙන්න පුළුවන්. ( මෙතනදී අපි ගැහැනියක් පිරිමියක් අතර ඇති ආදරයක් ගැන කතා කරන නිසා, දෙමාපිය, හෝ වෙනයම් ආදර කොට්ටාසයන් ගැන කතා කරන්නේ නැහැ...) හැම තිස්සෙම මතක තියා ගන්න අනුන්ට මිහිරි ආදරයක් දෙන්න, අමිහිරි වේදනාත්මක අත්දැකීමකට වඩා. එක ලොකු පිනක් ජීවිතේ. කෙනෙක්ට ඇත්තට ආදරය කරලා එයාගේ ජීවිතේ සතුටින් තියන එක. එක දේව ගතියක් මනුස්ස රූපයෙන් ඉන්න ඔබේ.
-------------------------------------------------------------------------------------------------------

Thursday, July 8, 2010
චිත්‍ර අඳින දෘෂ්යාබිතයා
කාලෙකින් යමක් ලියන්න බැරිවුනා. පහු ගිය දවස් ටිකේම විභාග නිසා කාර්යබහුල උනත් යමක් ලියන්න ඕනා කියන ආශාව තිබුනා. කොහොම උනත් මේ video එක බලපු ගමන් මේ ගැන මගේ බ්ලොග් එකේ ලියන්න ඕනයි කියලා පුංචි වෙලාවක් හොයා ගත්තා.
අපි ජීවිතයේ හැම දෙයක් තිබිලත් සමහර වෙලාවට කොයිතරම් complain කරනවද ? එත් ශාරීරික අභාදිතව නොයෙකුත් දස්කම් පෙන්වන අය ගැන නොයෙකුත් video දර්ශන අපමණවත් මම දැකලා තියෙනවා. ඉතින් පුංචි පණිවිඩයක් ඉතිරි කරලා මම අදට සමුගන්නම්.
I will never complain about any thing in my life again.
පහලින් තියෙන්නේ අපේ අම්මා ඉස්සර දැනගෙන හිටිය පද අමතක උන කවි පේලි කිහිපයක් . ඒක මේ කතාවට සම්බන්දයක් තියෙන නිසා අම්මට මතක චුට්ට මම පලකරන්නම්. ඔයාල දන්නවනම් ඉතිරි පද පේලි ටික හෝ නැත්නම් ඔයාල හිතනවානම් ඔයාලට ඒක සම්පුර්ණ කරන්න පුළුවන් කියලා පහලින් තියෙන comment box එකේ ලියලා යන්න.
කුංකුම අංජන ඉල්ලා හැඩුවෙමි ඇස් යුග නැති නුඹ දකිනතුරා ....
මිරිවැඩි සගලක් ඉල්ලා හැඩුවෙමි පා යුග නැති නුබ දකින තුරා ...
රිදී කාසි ඉල්ලා හැඩුවෙමි .............................
...............................................
විනෝදාත්මක video (Funny Videos ) රැගත් මේ වෙබ් අඩවියත් චුට්ටක් බලලා යන්න.
Funny videos
Tuesday, May 25, 2010
සම්ප්‍රදායික ඕප දුපයක් - අජන්ත මෙන්ඩිස්
ඔන්න ඉතින් අජන්ත මෙන්ඩිස්ටත් හරි ගිහිල්ලා. ඔයාලා දැනටමත් මේ පින්තුර ටික දැකලා ඇති. නමුත් ඉතින් මටත් හිතුන පින්තුර ටික මෙතන upload කරන්න. අජන්ත මේ දවස්වල හොඳට ball නොකරන හේතුව මේක වෙන්න ඇති. කොහොම උනත් මට හරි ප්‍රශ්නයක් තියෙනවා. අජන්ත ඉංග්‍රීසි කතා කලේ නැහැනේ එක දිගට awards ගත්ත කාලේ. එතකොට translator උනේ team එකේ captain නේ. ඉතින් මෙයා ලංකාවේ එක්කෙනෙක් නෙමෙයි නම් අජන්ත කොහොමද කතා කරනවා ඇත්තේ? ඔන්න ඕවා අමතක කරලා පින්තුර ටික බලමු.
සම්ප්‍රදායික ඕප දුපයක් - අජන්ත මෙන්ඩිස්
Saturday, May 22, 2010
IIFA 2010 - ප්‍රවර්ධන දැන්වීම
ඔයාලා මෙතෙක් නැරබුවේ නැත්නම් මෙන්න IIFA 2010 ප්‍රවර්ධන දැන්වීම. ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ මෙවර IIFA - 2010 සම්මාන උළෙල පවත්වන්නේ ලංකාවේ කියලා. ශ්‍රී ලංකා සංචාරක දෙපාර්තමේන්තුවෙන් නිෂ්පධනය කරන ලද මේ video වේ අමිතභ් බච්චන් මහතා සහ අපේ Jacqueline Fernandez පෙනී සිටිනවා.
IIFA 2010 - ප්‍රවර්ධන දැන්වීම
Thursday, May 20, 2010
මේ මොකක්ද මේ අහන්නේ !
අද මම facebook එකේ ලින්ක් එකක් post කරද්දී මෙන්න FACEBOOK secuirty man මගෙන් අහපු එක. ඔයාලත් කිසියම් රසවත් දෙයක් මෙහි දකිනවද? මටනම් හිනා ගියා. ඒවගේම මට පුංචි අතිතයකුත් මතක් උනා. එක උනේ අපි මෙහි ආපු අලුතමයි. මටනම් සිද්දිය හරියටම මතක නැහැ. හැබැයි අපේ අයියටනම් හොඳටම මතක ඇති. මොකද එදා එයා ඔය වචනය නිසා කම්මුල රත් වෙන්න පාරක් කව නිසා.
මොහොකට හරි අපි තාත්තගේ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලාවක අයියා තව අක්කකෙනේක්ගෙන් ඇහුවා හුලස් ද කියලා. ඒ අක්ක මෙහෙ හදුනා කෙනෙක් ඉතින් ඒක එයට තෙරුන් නැහැ. එය ගිහින් කලේ අපේ තතාගෙන් සහ ඒ uncle ගෙන් එකේ තේරුම අහපු ඒක. තතගේ මුණ රතු උනා. හැබැයි වෙනසක් පෙන්නනේ නැතුව හිටියා. මොකද මෙහෙ ළමයින්ට ගහන්නත් දෙමාපියන්ට බැහැනේ. කොහොමහරි ගෙදර අවට පස්සේ තාත්ත අයියට කතා කරලා උඹ මොකක්ද අර කිව්වා කතාව කියලා , අයියගේ කම්මුල අත ගෑවා.
මම හිතන්නේ එයා ඒක යාළුවොත් එක්ක කතා කරන පුරුද්දට කිව්වේ. එත් ඉතින් අපේ තාත්තගේ සයම ගියානේ. හයි අපේ අයියා හරිම හොඳ කෙනෙක්. එයා දැන් මෙහෙ medical school එහෙක ඉගෙන ගන්නවා. ඉතින් ඔන්න facebook security check ඒක නිසා සටහනකුත් ලිව්වා. හැබැයි අපේ අයියා මේක දැක්කොත් ඊළඟට රතුවෙන්නේ මගේ කම්මුල. ගිහිල්ල එන්නම්.
Wednesday, May 19, 2010
කන්‍යාභාවය නැති වීමේ වයස
අපේ අම්මට අද හොඳටම යකා නැග්ගා. ඉතින් බොහෝ වෙලාවට වගේම හේතුව උනේ මමමයි. මම සඟරාවක් කියව කියව ඉන්නකොට එක පාරටම කෑ ගැසුවා. "You are not alone " කියලා. අම්මා උද ගිහිල්ලා බිම වැටුනා මගේ කෑ ගැහිල්ලට. ඔන්න්න ඉතින් ගොරවලා බැලුවා. හොඳ හරිය පටන් ගන්නේ ඊට පස්සෙයි. මම කෑ ගැහුවේ සඟරාවේ health column එකේ අවුරුදු දහසයක ගැහැණු ළමයෙක් අහලා තිබුන ප්‍රශ්නයක් නිසයි. අම්මට ඒක මම කියෙව්වාම එයාගේ රතු ඉර පැන්නා නෙමෙයි ඉගිලුනා. ඔයාලත් කැමති ඇති එයාගේ හඳ දැවෙන අපේ අම්මා ගිනිගන්න ප්‍රශ්නය දැන් ගන්න.
ඉතින් මේකේ හැටියටනම් අපි හරියට පරක්කුයි වගේ. අපේ අම්මා කියන විදියටනම් ලංකාවේ අපි ඕවා ගැන ප්‍රසිද්දියේ කතා කරෙන්න්වත් ඕක ඔච්චර හදිසියක් කරගන්නේවත් නැතිලු. මමත් එකගයි. හැබැයි ඉතින් Britney Spears පවා "I am a Virgin " කියලනේ T -Shirt එකේ ගහගෙන නැටුවෙ. කොහොමහරි මේ වෙනකම් ඔය ගැන මටනම් ප්‍රශ්නයක් තිබුනේ නැහැ. ඉතින් පහල comments දන්නා එපා මගේ ගැන අහලා. මම ඉතින් කැමති ලංකාවේ ක්‍රමේටනේ. ඉතින් ඒ ගැන දැන ගන්න ඔයාල ලංකාවේ මේ (කන්‍යාභාවය නැති වීමේ වයස) සම්බන්දයෙන් තියෙන තරුණයන් අතර තියෙන මතය අපත් එක්ක බෙදා ගන්න.
කන්‍යාභාවය නැති වීමේ වයස
මගේ නම මාර්තා , අවුරුදු දහහතයි . මම තවම කන්‍යාවියක් (virgin) සහ මට තවම පෙම්වතෙක් නැහැ. මට හිතෙන්නේ මේ ලෝකේ ඉන්න අවුරුදු 17 එකම virgin මම කියලයි. ඇයි මට පිරිමි ළමයෙක් සමග යහළුවෙන්න බැරි. එයාලත් එක්ක කතා කරනකොට මගේ කකුල් වෙවුලනවා .....ඔන්න ඔයා විදියට තමයි එයාගේ ප්‍රශ්නය ගලාගෙන යන්නේ. ඉතින් මොකද උනේ කියන්නේ මම අම්මට ඒකම මම කියන විදියට කිව්වා. අප්පේ ඊට පස්සේ ඉතින් යක නැගලා , රතු ඉරුත් පැනලා හිටිය අම්මා කිව්වේ මොනාද නොකිව්වේ මොනාද කියලා මට මෙහි ලියන්න බැහැ. ඉතින් හිමින් සැරේ ලිස්සලා ඇවිදින් කාමරේ දොර වසා ගත්ත මම පුංචි research එකක් කළා ඉන්ටෙර්නෙට් එකේ. හැබැයි මගේ මහා ලොකු රෙසේඅර්ච් ඒක තමයි google කරලා මේ ගැන තියෙන studies මොනවද කියලා බැලුව ඒක. ඔයාලට අමතක නම් මම හෙව්වේ ලෝකේ වයස අවුරුදු කියේදීද සාමාන්‍යයෙන් කන්‍යාභාවය නැතිවෙන්නේ කියලයි. මහා ලොකු ඇති දෙයකුත් නැහැ ඔයේ ගැන . හැබැයි මෙන්න මේ video ඒක නම් හම්බ උනා. ඉතින් මම ඒක ඔයාලත් එක්ක බෙදා ගන්නම්.
ඉතින් මේකේ හැටියටනම් අපි හරියට පරක්කුයි වගේ. අපේ අම්මා කියන විදියටනම් ලංකාවේ අපි ඕවා ගැන ප්‍රසිද්දියේ කතා කරෙන්න්වත් ඕක ඔච්චර හදිසියක් කරගන්නේවත් නැතිලු. මමත් එකගයි. හැබැයි ඉතින් Britney Spears පවා "I am a Virgin " කියලනේ T -Shirt එකේ ගහගෙන නැටුවෙ. කොහොමහරි මේ වෙනකම් ඔය ගැන මටනම් ප්‍රශ්නයක් තිබුනේ නැහැ. ඉතින් පහල comments දන්නා එපා මගේ ගැන අහලා. මම ඉතින් කැමති ලංකාවේ ක්‍රමේටනේ. ඉතින් ඒ ගැන දැන ගන්න ඔයාල ලංකාවේ මේ (කන්‍යාභාවය නැති වීමේ වයස) සම්බන්දයෙන් තියෙන තරුණයන් අතර තියෙන මතය අපත් එක්ක බෙදා ගන්න.
Monday, May 17, 2010
සිදත් වෙත්තමුණි
Sidath Wettimuny from Sadun Jay on Vimeo.
සිදත් වෙත්තමුණි මහතා පිලිබඳ වැඩසටහන ඔයාලත් එක්ක අද බෙදා ගන්න සිතුනා. මම දන්නවා ලාංකික අපි ක්‍රිකට් වලට කොතරම් කැමතිද කියලා. අපේ ගෙදරම හොඳ උදාහරණ දෙකක් ඉන්නවා. එත් කැනඩාවේ මිනිස්සුන්ටනම් Ice Hockey සහ Base Ball වලට වඩා දෙයක් නැහැ. මෙහෙ ඉචේ හොච්කෙය් සඳහා තරගාවලියක් පවතිනවා NHL කියලා. ඒක මුලිකවම copy කරපු දෙයක් තමයි IPL තරගාවලිය(මගේ දැනුමේ හැටියට) .
ඉතින් මේ වගේ වැඩිය අපි නොබලන/ කියවන සයිට් එහෙකින් යම් දෙයක් ලැබුනොත් අයෙත් එකතු කරන බලාපොරොත්තුවෙන් සමු ගන්නම්.
Sunday, May 16, 2010
අලුත් දෙයක් ..
අලුත් දෙයක් ..කියලා කිව්වට ඉතින් මේක බ්ලොග් වලටනම් අලුත් දෙයක් නෙමේ. ඒත් පහුගිය දවස්වල මට වැටහුන විදියට සිංහල blog ලියන අයටනම් තියෙන ප්‍රශ්නයක්. අපි ඉංග්‍රීසියෙන් ලියලා තියෙන බ්ලොග් එකක් හරි වෙබ් සයිට් එකකට ගියොත් google දැන්වීම් බහුලව දකිනවා. නමුත් සිංහලෙන් ලියන යට දැන්වීම් සපයන ආයතන හරි අඩුයි. ඒක සමහරක් විට අපිට කරන අසාදාරනයක්. විශේෂයේනම් ඉංග්‍රීසියෙන් විනෝදාංශයක් විදියට උනත් බ්ලොග් ලියන අයත් යම්කිසි අමතර මුදලක් මේ මගින් උපයන්න උත්සහ කරනවා. කොහොම උනත් මට පුළුවන් උනා මේ දැන්වීම් ආයතනයේ දැන්වීම් ලබා ගන්න. අපි බලමු මේක කොහොමද කියලා. එහෙම උනොත් සිංහලෙන් සයිට් පවත්වාගෙන යන යහළුවන්ට යම් කිසි අමතර මුදලක් ලබන්න පුළුවන් වේවී. මම ඉදිරියේදී කියන්නම් කොහොමද මීයාල ගෙවන්නේ කියලා. ඉතින් ඒකට යම් කිසි දැන්වීම් ප්‍රමාණයක් මේ බ්ලොග් ඒකට එන යන අය කොටලා බලනකම් ඉන්න වෙනවා. විශේෂයෙන්ම අමෙරිකාවෙන්, කැනඩාවෙන් සහ යුරෝපයෙන් එන මිතුරන් මේ දැන්වීම් කොටලා බලනවානම් එය පුංචි සහයෝගයක් වේවි.
අලුත් දෙයක් ..
Friday, May 14, 2010
ලංකාව සහ උපත් පාලන කොපු ...
ඔන්න ඉතින් අද අමුතුම දෙයක් තමයි මගේ බ්ලොග් එකේ ඉදිරිපත් කරන්නේ. බලන්නකෝ මේ condom පිලිබඳ වෙළෙඳ දැන්වීම. ඔයාල හිතනවා ඇති මම අලුත් ව්‍යාපාරයක් පටන් අරගෙනද කියලා. ඔයාලම බලන්නකෝ මේ වෙළද දැන්වීමේ විශේෂත්වය. හැබැයි අවුරුදු 16 ට අඩුනම් බලන්න එපා.
සමහරක් විට ඔයාල මේක මීට පෙර දැකලා තියෙන්න ඇති. ඉතින් ඔයාලගේ අදහස් මොනවගේද? ලංකාව කොච්චර ජනප්‍රියයිද කියාලා ආඩම්බර කමක් අවාද? එහෙම නැත්නම් ලෝකේ අපි ගැන හිතන් ඉන්නේ ග්‍රෝත්‍රික ජනයා වෙසෙන රටක් කියලාද කියලා පුංචි තරහක් නැගුනාද? එහෙම නැත්නම් ....ඔව් එහෙම නැත්නම් ඔය අන්තිමට ඉන්න කොල්ලා ලංකාවේ කොල්ලෙක් කියලා ලංකාවේ කොල්ලෝ ගැන ආඩම්බරකමක් ඇති වුනාද? මේක අද දැක්කම මට මතක් උනේ AKON ට වෙච්ච දෙය ගැන. මගේ බ්ලොග් එක ලංකාවේ තහනම් කරයිද දන්නෙත් නැහැ.
ඉතින් අදට සමුගන්නම්. ඉක්මනින්ම තව බ්ලොග් සටහනක් සමගින් හමුවුන තුරු මගේ හිතවතුන්ට "Good luck "

ලක්ෂ්මි රායි සහ Good Widgets
මෙන්න ලක්ෂ්මි රායි කියන ඉන්දියානු නිරුපිකාවගේ පින්තුර කිහිපයක්. මේ පින්තුර ටික Good Widgets කියන වෙබ් සයිට් එකේ තමයි මේ විදියට එකලස් කලේ ...ඉතින් ඔයාලාටත් පුළුවන් එය පාවිච්චි කරලා ලස්සන Slide Show එකක් නිර්මාණය කරගන්න. මේ ඔන්ලිනේ සේවය පාවිච්චි කරලා ඔයාලට පුළුවන් පින්තුර ගොඩාක් එකවර Face Book එකේ බෙදා ගන්න.
Image source: DCtorrent.com
මතක ඇතිව මගේ TV Page එකත් බලන්න ...මෙන්න ලින්ක් එක ...Shanya TV
සින්දු පිටුවට මෙන්න යන පාර --- Sri Lanka Songs
ලක්ෂ්මි රායි සහ Good Widgets
Image source: DCtorrent.com
මතක ඇතිව මගේ TV Page එකත් බලන්න ...මෙන්න ලින්ක් එක ...Shanya TV
සින්දු පිටුවට මෙන්න යන පාර --- Sri Lanka Songs
Monday, May 10, 2010
ගතික ආදරය
ආදරය කියන්නේ කුමක්ද කියන එක අපි කවුරුත් ජීවිතයේ කුමන මොහොතක හරි චුට්ටක් හිතල බලපු දෙයක් තමයි. එත් ඉතින් කාටවත් ඒ ගැන යම් වැටහීමක් තියෙනවයි කියලානම් මට හිතෙන්නේ නැහැ. කවුරුහරි යම් මොහොතක යම් වැටහීමක් ලැබුවානම් එය සැනකින් වෙනස් වෙලා අලුත්ම විදියකට ඒ ගැන ක්ෂණයකින් හිතන්න පටන් ගන්නවා. මගේ තේරීමේ හැටියට මේ ආදරය කියන්නේ හරිම dynamic දෙයක්. ඒකියන්නේ යම් ගතික භාවයක් නිතරම තියෙනවා. එත් ආදරේ කරද්දී මිනිසුන් බොහෝවිට යොදාගන්න වචන හෝ වාක්‍ය කිහිපයක් අරන් බැලුවහම, මාගේ තර්කයට හෝ වැටහීමට සම්පුර්ණයෙන් වෙනස්වූ අදහසක් තමයි එන්නේ. මම ඔයාට හැමදාමත් ආදරෙයි, මම ඔයාගේ සදාදර සුදු, සංසාරේ හැමදාමත් ඔයා ලඟින්ම මම ඉන්නවා, මම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ රත්තරන්, මගේ ආදරය ඉර හඳ වගේ, ඔය වාගේ දහසකුත් වචන අපි පාවිච්චි කරනවා. එත් හිතල බලන්න ඔයාලගේ හිතේ ඇතිවෙන අදර හැන්ගීම් විටින් විට වෙනස් වෙන්නේ නැද්ද කියලා. අඩුම තරමින් ඔය සදාතනික ආදරය පුංචි අඩු වැඩිවීම් වලට ලක් වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් පොඩ්ඩක් සරාගික හැන්ගීම් වලට ඉඩදුන් වෙලාවට තියෙන ආදරයත්, පන්සලේදී මල් පුජා කරන කොට එයා ඔයා දිහා හොරෙන් බලනකොට ආදරයෙන් හිත බරවුණු හැටිත් සමානද? මටනම් හිතෙන්නේ ජීව විධ්‍යත්මකව පවා ලොකු වෙනසක් ඔය අවස්ථා දෙකේ අපේ ඇඟ ඇතුලේ ඇතිවෙනවා. උදාහරණයක් විදියට අවයව වලට රුධිර සැපයුමත් මේ අවස්ථා දෙකේදී වෙනස්. මොකද අපි නොදන්නවා උනාට අපේ ශරීරය දන්නවා අප තුල මේ පහල වෙච්ච ආදරයේ වෙනස් කම්. ඉතින් මම හිතන්නේ මේ ආදරය කියන්නේ හරිම වෙනස් වීම් වලට භාජනය වෙන දෙයක් කියලයි. එත් හිතින් ආදරය ගැන මගේ මේ තියෙන හැන්ගීම්, විශ්වාසය යම් දවසක් වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් එදාට බැරියයි ඒ ගැන බ්ලොග් එකේ ලියන්න.
ගතික ආදරය
Sunday, May 9, 2010
ලස්සන පින්තුර ටිකක් ..
ලස්සන පින්තුර ටිකක් එකතු කරන්න හිතුනා බ්ලොග් පිටුවට. හැබැයි කවදත් වගේ පුංචි කතාවක් කියන්න එපැයි. නැත්නම් ඔයාල මොනවද කියවන්නේ නේද? බ්ලොග් පිටුවක්නම් කියවන්න යමක් තියෙන්නම ඕන. ඒත් තවම මුකුත් අදහසක් නැහැ. අද mothers day එකනේ, ඉතින් අම්මා ගැන යමක් ලියන්න පුලුවන්නම් හොඳයි. අදහසනම් ගොඩාක් තියෙනවා. ඒත් ගොඩාක් ගැඹුරු දෙයක් ලියන්න මේ වෙලාවේ සිත සුදානම් නැහැ. ඒත් මගේ ලග ගොඩාක් අදහස් ගොනු ගැහිලා තියෙනවා ලියන්න. මම හිතන්නේ mothers day කියලා වෙනම දවසක් තියෙන්න ඕනේ නැහැ කියලා. අපිට ඉතින් බයක් වේදනාවක් දැනුනොත් "බුදු අම්මෝ" කියලා කියවෙනවානේ.
fashion එකටත් එක්ක අපේ ගෙදර අය අද රාත්‍රී ආහාරය රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා ගන්නයි හදන්නේ. Mothers Day සමරන්න. ඉතින් ඔය නොයෙකුත් Days වලින් වාසිය ව්‍යාපරකියන්ට තමයි. අම්මා කියන අගනා වස්තුවත් වනිජකරනීය වෙලා නේද කියලයි හිතෙන්නේ. ඒත් ඉතින් මේ රටේ ජීවත්වෙන සමහරක් මිනිසුන්ට එහෙම වෙනම දවසක් වෙන් කරලා ඇගිල්ලෙන් ඇනලා මතක් කරලා දෙන එක ලොකු දෙයක්. නැත්නම් එවුනට අම්මා තාත්තා මතක නැහැ. විශ්වාස කරන්න, එකේ අනිත් පැත්තත් එහෙම තමයි. දරුවෝ හැදෙන්නේ උන්ට ඕන විදියට, දෙමව්පියන් උන්ගේ ලෝකවල.
ඉතින් අම්මා ගැන තියෙන ආදරණිය අදහස් ටික එහෙම්ම තියාගෙන අදට සමුගන්නම්. නමුත් මම අම්මා ගැන ගොඩාක් ඉදිරියට ලියන්න බලාගෙන ඉන්නවා.
Tuesday, May 4, 2010
දරිද්‍රතාවය
අවුරුදු දොලසක් වයසැති වයිභාව් ගුර්නුලේට මෙසේ කොණ්ඩය බූ ගාන්න සිද්දවුනේ සිය දිවි නසාගත් පියාට උපහාරයක් විදියටයි. වෛභාව්ගේ පියා සිය දිවි නසා ගත්තේ ගොවිතැන් අසාර්ථකවීමත්, දරා ගත නොහැකි ණය බරත් නිසයි. ඉන්දියාවේ ගොවියනට පවතින ජල හිඟය ඔහුගේ පියාගේ වගා අසාර්ථක වීමට හේතු වෙලා තියෙනවා. පියාගේ අභාවයෙන් පස්සේ ඔහුගේ පියාගේ ගොවිතැන් බලා කියාගන්න වෙන්නේ වෛභාව්ට කියලා සදහන් වුනා.
ඉතින් මම මේ පින්තුරේ ඔයාල එක්ක බෙදා ගන්නේ ලෝකේ දරිද්‍රතාවය නිසා සිද්ද වෙන දේ ගැන සිත සසලවයි. වෛභාව්ට පියා නැතිවුනාවගේම කොන්දේත් නැතිවෙන්නයි යන්නේ. මේ වගේ පාරම්පරික ඇදහිලි විශ්වාසත් මගේ හිතේ ඇති කරන්නේ දුකක්. නමුත් මෙයින් සමහරවිට ඔවුන් අතර පවතින විශ්වාස මත යම් කිසි සහනයක් මේ අසරණ සිත් වලට ඇතිවෙනවා ඇති.
මම මේක පොඩි අවස්තාවක් කර ගන්නම් ලෝක ආහාර ප්‍රශ්නය ගැන කතා කරන world hunger site එකේ දැන්වීම් කිහිපයක් ඔයාලත් එකා බෙදා ගන්න.
මම මේක පොඩි අවස්තාවක් කර ගන්නම් ලෝක ආහාර ප්‍රශ්නය ගැන කතා කරන world hunger site එකේ දැන්වීම් කිහිපයක් ඔයාලත් එකා බෙදා ගන්න.
මේ වෙබ් පිටුව ලෝක සාගින්න දුරලීම වෙනුවෙන් කැප වුන ආයතනයක් හා සම්බන්ද බවයි කියවෙන්නේ . ඉතින් ඔයාලත් ගිහින් බලන්න.
ඔය පින්තුරයක් මත click කලාම ඔයාලට ඒ වෙබ් පිටුවට යන්න පුළුවන්.
Sunday, May 2, 2010
සුසානා මුකර්ජි
මේ ලස්සන පින්තුර ටික දැක්කම මට සීතල හිම රටේ ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා ...මේ සුසානා මුකර්ජි .
Suzanna Mukherjee raised many eyebrows with her act in Roadies 6.0 debut on small screen with the show Basera on NDTV Imagine. The pretty girl is also perusing her dream to work in a production house.
Image source: DCtorrent.com
සුසානා මුකර්ජි
Suzanna Mukherjee raised many eyebrows with her act in Roadies 6.0 debut on small screen with the show Basera on NDTV Imagine. The pretty girl is also perusing her dream to work in a production house.
Image source: DCtorrent.com
පාට පාට මල් සහ වසන්ත කාලය ...
ලස්සන මල් ටිකක පින්තුර ටිකක් ගත්තා. මේ දවස්වල ඔතින් මල් පැල වවන කාලය. කැනඩාවට වසත් කාලය ලැබුවා විතරයි. නමුත් ඉතින් මල් වෙළෙන්දෝ ශ්‍රීත කාලයේ ඉදන්ම ලෑස්තිවෙන බව මේ ලස්සන මල දැක්කම ඔප්පුවෙනවා. මම මල් වැවුවේ නැති වුනත් මම මල් වලට හරි ආසයි ...ඉතින් මම මේ ලස්සන මල් ගොන්න මගේ බ්ලොග් එක හද කරන්න යොදා ගත්තා.
දයාන් විතාරණ මහතාගේ වසත් කාලය මනරම් ගීතය මේ සටහනට ගලපෙනවයි කියලයි හිතන්නේ ....ඉරාජ් ගේ මල් සින්දුව දාන්න කියලත් ඉල්ලීමක් ආවා ..ඇයි ඒක නොදැම්මේ කියලනම් අහන්න එපා ....
මම මේ ගිම්හාන කාලයේ මේක තමයි විනෝදාංශයක් විදියට කරන්න හදන්නේ ..පුළුවන් වෙලාවට මම ඒවා ඔයාල එක්ක බෙදාගන්නම්. මතක ඇතිව මගේ අනිත් වෙබ් පිටුත් බලන්න. එකක් තමයි ශාන්යා TV වෙබ් පිටුව. තවත් වෙබ් පිටුවක් පටන් ගත්තා, ඒක සිංහල සින්දුවලට හැබැයි මේ දවස් වලනම් සින්දු ටිකයි තියෙන්නේ. මේ වෙබ් පිටුවට ඔයාලටත් සින්දු එක් කරන්න අවස්ථව දෙන්න පුළුවන්. ඔයාලත් කැමතිනම් ඔයාලගේ ආසම අදර සින්දු ඒකට එකතුකරන්න මට අවස්තාවක් ලබා දෙන්න පුළුවන්. හැබැයි පොඩි blogger ගැන දැනුමක් අවශ්‍ය වේවි. ඔයාලට තියෙන්නේ you tube video වල url එක දමන්න විතරයි. මුලින්ම මේ සින්දු එකතුව බලන්නකෝ ...
Sri Lanka Song Collection - Lovers Lane

ඔබ ඇපල් මලක් වාගේ - ඇපල් මලක පින්තුරයක් ...
ඔබ ඇපල් මලක් වාගේ කියන ලස්සන සිංහල සින්දුව මම අහන්න පටන් ගත්තේ මම කැනඩාවට ආවාට පස්සෙයි ....(පොඩි කාලේ කනට වැටෙන්න ඇති නමුත් ගේ තමයි ලංකාවේ kenමතකයක් නැහැනේ ..). ඉතින් පළමු පාරට මේ සින්දුවේ වචන ගැන තේරෙනකොට මම ඇපල් මලක් දැකලා තිබුනා.
එත් ඉතින් අද මේ ලියන්නේ කෙලින්ම ඒ සින්දුව ගැන නෙමෙයි ....
දැන් කැනඩාවේ වසන්ත කාලය(Spring) උදා වෙලයි තියෙන්නේ ...අපේ ගෙදරත් දැන් හරි හරියට මල් වවන්න සහ එළවලු වවන්න පටන් අරගෙන . ඉතින් අද ඉරිදා අපි ගියා පල විකුණන තැනකට. මෙහෙ ඉතින් මේ කාලයට හැම ලොකු කඩයකම මල් පැල සහ පොහොර විකුනන්න දානවා ..ඉතින් මට පුළුවන් උනා ඔයාල වෙනුවෙන් ලස්සන පින්තුර ටිකක් ගන්න, ඉතින් මම ඇපල් මලක් වගී සින්දුවත් එක්ක මේ පින්තුර ටික පලකරන්නම්. නොවරදවාම මම තව මෙහෙ වසන්ත කාලයේ සුන්දරත්වය රැගත් පින්තුර ගොන්නක් එකතු කරනවා.
මතක තියාගන්නේ වසන්ත කාලයෙන් පස්සේ එන්නේ ගිම්හානය(Summer) . ඉතින් මේ කාලය අපි ගොඩාක් ඇවිදින්න යන කාලය. නොවරදවාම මම ලස්සන පින්තුර ටිකක් ඔයාල වෙනුවෙන් ගන්නවා ..
තව එක දෙයක් ලියන්න අමතක උනා. මේ පින්තුරයේ තියෙන ඇපල් පලයේ එක එක අතු බද්ද කරලයි තියෙන්නේ . ඉතින් ඒ අතුවලින් ලැබෙන ගෙඩිත් වෙනස් වෙනවා. ඔයාලට දැනගන්න ඕන නම් මේකේ මිල වුනේ 35 Canadian Dollar. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් තුන් දහස් පන්සියයකට කිට්ටුව. හැබැයි මෙහෙ අයගේ පඩියත් එක්ක බලාලා සංසන්දනය කලොත් ඒක රුපියල් තුන්සිය පනහක් වගේ තමයි මෙහෙ කෙනෙකුට දැනෙන්නේ ...
ඉතින් මේ ගැන ඔයාලට මුකුත් කියන්න තියෙනවානම් comment එකක් දාන්න . සියලු සිංහල වැරදි සහ ව්‍යාකරණ වැරදි පෙන්වා දෙන්න. ඒවගේම මගේ TV වෙබ් පිටුව බලන්නත් අමතක කරන්න එපා.
ඉතින් මම කලින් කිව්වා වාගේ මේ තමයි මේ ඇපල් පැලයේ එක් එක් අතුවල තියෙන ඇපල් ප්‍රබේදය නම් කරලා තිබුන හැටි ...
ඉතින් කියන්න ඇපල් මල ඔය තරම්ම ලස්සනද කියලා. හැබැයි මම හිතන්නේ ගීතය ලියු කැලුම් ශ්‍රීමාල් මහතාට තියෙන්න ඇත්තේ වෙනමම අදහසක් ....
හැබැයි මටනම් ඇපල් මල ලස්සනයි ..එහි කියන්න තරම් සුවදක් නැතිවුනත් සුදුපාටටයි එහි තියෙන හුරුබුහුටි කමටයි මම ආසයි ...මතක තියාගන්න මමත් ඇපල් මල වාගෙයි .....
දැන් ඉතින් සින්දුව පොඩ්ඩක් ඇහුවොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද ...මෙන්න මම ඒක මෙතනටම ගෙනත් දැම්මා...

සිරස සුපර් ස්ටාර් 2010
කැනඩාවේ සිටියත් අපේ ගෙදර නොවරදවා බලන වැඩසටහනක් තියෙනවා ඒ තමයි සිරස සුපර් ස්ටාර්. සෙනසුරාදයි ඉරිදයි සාමාන්‍යෙයන් අපේ ගෙදර ඔක්කොටොම නිවාඩු දවස් දෙකක්. ඉතින් සති අන්තයේ කරන්න ඕන වැඩ ටික ඉවර උනාට පස්සේ සිරස සුපර් ස්ටාර් බලන එක තමයි අපේ අම්මගෙයි තාත්තාගෙයි පුරුද්ද. ඉතින් මටත් නොමිලේම මේ සින්දුවලට ඇහුන් කන් දෙන්න ලැබෙනවා. නිතිපතා මේක නොලැබුවත් මට සම්පුර්ණ සාරාංශයක් අපේ අම්මගෙන් ගන්න පුළුවන්. ඉතින් මම අද මේ ලියන්නේ අපේ අම්මා වෙනුවෙන් පුංචි ඉල්ලීමක් කරන්න.
අපේ ගෙදර ඔක්කොම සිරස සුපර් ස්ටාර් එකේ මේ ගමන ඉන්න ශානිකා මදුමාලිට හරි කැමතියි. අපේ බලාපොරොත්තුව එයා මේ ගමන සිරස සුපර් ස්ටාර් වෙයි කියලයි. එත් ඉතින් අපිට sms යවන්න විදිහක් නැහැනේ. ඉතින් මේ දක්වා අපි පෞද්ගලිකව අපේ නෑයන්ට කිව්වා අපි වෙනුවෙන් ශානිකාට sms එකක් යවන්න කියලා. ඉතින් දැන් මට ලංකාවේ යහළුවෝ ගොඩාක් ඉන්න වෙලාවේ මම ඒ උදව්ව ඔයාලගෙන් ඉල්ලනවා. ඔයාලත් ශානිකාට කැමතිනම් අමතක නොකර එයාට sms එකක් ගහන්න මේ ගමන අවසාන තරගෙදි. මම මුලින් අදිමදි කෙරුවත් මෙහෙම ලිපියක් මගේ බ්ලොග් එකේ ලියන්න ලංකාවේ පත්තරයක ශානිකා ගැන ගියපු article එක කියෙව්වම මට මේක ලියන්න ඕනෑමයි කියලා හිතුනා.
මම ශානිකාගේ දකින විශේෂත්වය තමයි එය එයාගේ දස්කම් දියුණුකරගෙන තියෙන්නේ කොතරම් අඩුපාඩු මතද කියන එක. මෙහෙ ඉපදුන ළමයෙක්ට තියෙන පහසුකම් වලින් ලක්ෂයකින් එකක් ශානිකාට නොතිබෙන්න ඇති. නමුත් ඇය ගැන මගේ තියෙන්නේ පුදුම ආඩම්බරයක්. අපේ තාත්තත් නිතරම කියන්නේ මේ දරුවට හොඳ පහසුකම් ලැබුනානම් කොච්චර හොඳ තැනක ඉදියිද කියලයි.
පින්තුරය ලබා ගත්තේ ලක්බිම රිද්ම අතිරේකයෙන්...

Friday, April 30, 2010
ඔබ සැමට ස්තුතියි !
www.shanya-tv.blogspot.comhttp://www.shanya-tv.blogspot.com
මගේ උපන් දිනයට සුභ පැතූ ඔබ සැමට ස්තුතියි !
වෙන උපන් දින වගේ නෙමේ මේ උපන් දිනයට ඔන්න මම මතක හිටින දෙයක් කළා. අලුත් වෙබ් පිටුවක් නිර්මාණය කළා කියලා. ඉතින් මම පුළුවන් විදියට online Television එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉඩක් ලැබුන විටක බලන්න. හැබැයි සමහර නාලිකා වැඩ කරන්නේ දවසේ සමහරක් වෙලවාදී පමණයි. ගොඩාක් Channels එකතු කරන්නත් බලාපොරොත්තුවක් නැහැ. ලංකාවේ අය කැමති වැඩ කරන Channel කිහිපයක් හොඳටම ඇති වේවි කියලයි හිතෙන්නේ.
Site Link: Shanya TV
Thursday, April 29, 2010
පාරක් නැති ගමක්
අද මට ආයෙත් ලියන්න හිතුනා ...face book එකේ අයියා කෙනෙක් කිව්වා මගේ සිංහල අකුරුවල ගොඩාක් වැරදි තියෙනවා කියලා. ඉතින් හරිම පරෙස්සමෙන් තමයි අද ලියන්නේ. ලියනවට වඩා අද තියෙන්නේ පෙන්නන්න දෙයක්. මට අද e -mail එකක් අවා ලස්සන පින්තුර ටිකක්. ඉතින් මම හිතුව ඒවා ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා. ජීවිත් දිහා සුන්දරව බලන එක මගේ පුරුද්දක් ඉතින් මේ වගේ දෙයක් ලැබුනම එක අනෙත් අයත් එක්ක බෙදා ගන්න එක තමයි මගේ සතුට. අනිත් අතට තමන් කැමති දෙයක් ගැන පහසුවෙන් ලියන්නත් පුළුවන්නේ.මේ පින්තුර ගොන්නට තව පින්තුර තිබුනා. ඉතිරි ටික පස්සේ දවසක බෙදාගන්නම්.
මේ මුල් පින්තුර ටික ලස්සන ගමක් ගැන ..ඒ ගමේ පාරවල් මුකුත්ම නැහැලු ..මේ ගම තියෙන්නේ Holland වල . මෙහි මිනිසුන් ගමනට යොදා ගන්නේ බෝට්ටුලු. ඒකත් ඉතින් නරක නැහැ.
මේ පින්තුරත් එක්ක අපේ තාත්තත් මට මතක් කර දුන්නා ලංකාවේ පාරවල් නැති ගම් ගැන. ලී කොටන් පාලන ලෙස දාගත්තු දුප්පත් ගම්වැසියන්ගේ පින්තුර මම දැකල තියෙනවා ..ඒ අතින් බලපුවම හරිම දුකයි. අපේ තාත්තා කියනවා ලංකාවෙත් එහෙම පාරවල් තියෙනවා කියලා. බැලින්නම් එයා කියන්නේ වලවල් හැරිච්ච පාරවල් වැස්සට වතුර පිරුණම සිද්ද වෙන් දේ ගැන. එත් ඉතින් මොන බෝට්ටුද ? කොහොමවුනත් මේ පින්තුර ටික ලස්සනයි. ඉතින් තවත් දවසක හම්බවෙනකම් මම සමු ගන්නම්.
E-mail ඇසුරෙන් - This pictures were received by me as an e-mail. If you are the owner of these pictures and have any copy right issue; please inform us to remove this post.

Subscribe to:
Posts (Atom)