Thursday, May 20, 2010
මේ මොකක්ද මේ අහන්නේ !
අද මම facebook එකේ ලින්ක් එකක් post කරද්දී මෙන්න FACEBOOK secuirty man මගෙන් අහපු එක. ඔයාලත් කිසියම් රසවත් දෙයක් මෙහි දකිනවද? මටනම් හිනා ගියා. ඒවගේම මට පුංචි අතිතයකුත් මතක් උනා. එක උනේ අපි මෙහි ආපු අලුතමයි. මටනම් සිද්දිය හරියටම මතක නැහැ. හැබැයි අපේ අයියටනම් හොඳටම මතක ඇති. මොකද එදා එයා ඔය වචනය නිසා කම්මුල රත් වෙන්න පාරක් කව නිසා.
මොහොකට හරි අපි තාත්තගේ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලාවක අයියා තව අක්කකෙනේක්ගෙන් ඇහුවා හුලස් ද කියලා. ඒ අක්ක මෙහෙ හදුනා කෙනෙක් ඉතින් ඒක එයට තෙරුන් නැහැ. එය ගිහින් කලේ අපේ තතාගෙන් සහ ඒ uncle ගෙන් එකේ තේරුම අහපු ඒක. තතගේ මුණ රතු උනා. හැබැයි වෙනසක් පෙන්නනේ නැතුව හිටියා. මොකද මෙහෙ ළමයින්ට ගහන්නත් දෙමාපියන්ට බැහැනේ. කොහොමහරි ගෙදර අවට පස්සේ තාත්ත අයියට කතා කරලා උඹ මොකක්ද අර කිව්වා කතාව කියලා , අයියගේ කම්මුල අත ගෑවා.
මම හිතන්නේ එයා ඒක යාළුවොත් එක්ක කතා කරන පුරුද්දට කිව්වේ. එත් ඉතින් අපේ තාත්තගේ සයම ගියානේ. හයි අපේ අයියා හරිම හොඳ කෙනෙක්. එයා දැන් මෙහෙ medical school එහෙක ඉගෙන ගන්නවා. ඉතින් ඔන්න facebook security check ඒක නිසා සටහනකුත් ලිව්වා. හැබැයි අපේ අයියා මේක දැක්කොත් ඊළඟට රතුවෙන්නේ මගේ කම්මුල. ගිහිල්ල එන්නම්.

Subscribe to:
Post Comments (Atom)
4 comments:
හික් හික් අය්ය කොහෙන්ද අල්ලගෙන තියෙන්නේ වචනේ
මටනං තාම තේරුම අහුවුනේ නෑ. Internet එකේ හැමතැනම තියෙන්නෙ මේක නැටුම් ජාතියක් කියලනෙ. මේකෙ තේරුම තියෙන link එකක් දාන්න පුලුවන්ද?
මටත් ඔහොම සමහර වචන එනවා :D Word verification ඉවත් කරන්න එක වදයක්
ඉන්න අයියාට කියනකම්
Post a Comment