ලස්සන පින්තුර ටිකක් එකතු කරන්න හිතුනා බ්ලොග් පිටුවට. හැබැයි කවදත් වගේ පුංචි කතාවක් කියන්න එපැයි. නැත්නම් ඔයාල මොනවද කියවන්නේ නේද? බ්ලොග් පිටුවක්නම් කියවන්න යමක් තියෙන්නම ඕන. ඒත් තවම මුකුත් අදහසක් නැහැ. අද mothers day එකනේ, ඉතින් අම්මා ගැන යමක් ලියන්න පුලුවන්නම් හොඳයි. අදහසනම් ගොඩාක් තියෙනවා. ඒත් ගොඩාක් ගැඹුරු දෙයක් ලියන්න මේ වෙලාවේ සිත සුදානම් නැහැ. ඒත් මගේ ලග ගොඩාක් අදහස් ගොනු ගැහිලා තියෙනවා ලියන්න. මම හිතන්නේ mothers day කියලා වෙනම දවසක් තියෙන්න ඕනේ නැහැ කියලා. අපිට ඉතින් බයක් වේදනාවක් දැනුනොත් "බුදු අම්මෝ" කියලා කියවෙනවානේ.
fashion එකටත් එක්ක අපේ ගෙදර අය අද රාත්රී ආහාරය රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා ගන්නයි හදන්නේ. Mothers Day සමරන්න. ඉතින් ඔය නොයෙකුත් Days වලින් වාසිය ව්යාපරකියන්ට තමයි. අම්මා කියන අගනා වස්තුවත් වනිජකරනීය වෙලා නේද කියලයි හිතෙන්නේ. ඒත් ඉතින් මේ රටේ ජීවත්වෙන සමහරක් මිනිසුන්ට එහෙම වෙනම දවසක් වෙන් කරලා ඇගිල්ලෙන් ඇනලා මතක් කරලා දෙන එක ලොකු දෙයක්. නැත්නම් එවුනට අම්මා තාත්තා මතක නැහැ. විශ්වාස කරන්න, එකේ අනිත් පැත්තත් එහෙම තමයි. දරුවෝ හැදෙන්නේ උන්ට ඕන විදියට, දෙමව්පියන් උන්ගේ ලෝකවල.
ඉතින් අම්මා ගැන තියෙන ආදරණිය අදහස් ටික එහෙම්ම තියාගෙන අදට සමුගන්නම්. නමුත් මම අම්මා ගැන ගොඩාක් ඉදිරියට ලියන්න බලාගෙන ඉන්නවා.
2 comments:
මේ ඔයාගෙම පින්තූරද....? නැතිනම් වෙන කාගෙ හරි පින්තූරද..?
මේ මමවත් මම ගත්ත පින්තුරත් නෙමෙයි. මම මේවා චොප්ය් කලේ public domain එහෙකින්. එකේ පින්තුර නැවත මේ ලෙස අලුත් වෙබ් පිටුවක පල කිරීමට තහංචියක් පනවා නැහැ. මම ගත්ත පින්තුර ටිකකුත් ළඟදීම එකතු කරන්නම්.
Post a Comment