කවදාවත් අමතක කලත්, අමතක නොවන අමතක නොකළ හැකි කතාවක් තමයි "ආදරයේ මිහිරි අමිහිරි අත්දැකීම්."
ගොඩක් ආදරය කරලා ජීවිතෙය් එයාව ලබාගන්න බැරි උනාම, ගොඩක් කෙල්ලෝ කියන්නේ කොල්ලන්ට නම් ඒක කාලයත් එක්ක අමතක වෙන අමතක කරන්න
ශක්තියක් තියෙන උදවිය කියල. එයාල ආදරයට වඩා "රාගයට" තැන දෙන අයලු බොහෝවිට. එයාලට ඉවසීම සහ ආදරය එකට ගෙනයන්න බැරි අයලු. කෙල්ලෙක්ගේ හිත බිදලාතවත් හිතකට ජීවිතය දෙන්න තරම් තදබල හිත ඇති ජාතියක්ලු. කොහොම උනාත්, මම කෙල්ලෙක් නිසා පිරිමි මේ තරම් හිතක් පපුවක් නැති අය විදිහට දකින්නේ නැහැ. මොකද ගැහැණු උදවිය හැමවිටම ආදරයට පමණක්ම පන දෙන අය කියල කිව්වොත්, ඒක 100% හරි කතාවක් නෙමෙඉ. මට හිතෙන්නේ ගැහැණු උනත් පිරිමි උනත් ආදරය දක්කින්නේ තමන්ට ඕන රටාවට. සමහරු තමන්ගේ උවමනා එපා කම් මත, තමන්ගේ ජීවිත අත්දැකීම් මත, හෝ තමන්ගේ අම්මා තාත්තගේ බලපෑම් මත හෝ එහෙමත් නැත්නම් අනනුන්ගේ කරපිට තියල ( ඒ කියන්නේ එක්කෝ කියනවා අම්මා කැමති මෙහෙම කෙනෙක්ට, නැත්නම් මේක "ප්රැකක්ටිකල්" නැති දෙයක්, නැතම් මට ප්රසශ්න තියෙනවා හරි මොකක් හරි සරිලන "එක්ස්ගිඋස් " එකක් ගෙනල්ල) තමා කියපු උතරීතර ආදරයට නැවතීමක් තියනවා. ඒක කෙනෙක් තමනට ආත්ම ශක්තියක් නැති කමට ආදරය වෙනුවෙන් කට්ට කන්න හෝ අවංකවම තමන්ගේ ආදරය ගෙනයන්න කරන්න කිසිම ශක්තියක් බලයක් නැති කමට හෝ එහෙමත් නැත්නම් වෙන මලකට (තමන්ගේ ලෙවල් එකට හරියන හෝ "සොසයිටි" එකට ලෙවෙල් වෙන මලක්) සෙට් වෙන්න පාරක් කපා ගන්න පසු කාලයක කරන කැත වැඩක් නිසා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම්, පසුව හිතෙන " මේක මට ගැලපෙන බඩුවක් නෙමෙඉ, මම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙක්, මම බදින්නේ මොනවගේ කෙල්ලෙක්ද කියල මගේ හිත දන්නවා...."එහෙමත් දැනගෙන මම හිටියට ටයිම් පාස් කරන්න කරන වැඩක් මේක මගේ " මෙවැනි ගුණමකු තීරණ ( ඇඉ ගුණමකු කියන්නේ දන්නවද? මීට වඩා හිතල බලලා ආදරය කල යුතුඉ. ඔච්චරටම ඔය කියන විදිහේ කෙනෙක් ඕන නම්, ආදරයෙන් වශී නොවී, බුද්ධි මත්ව හරි මම දන්නවා මට මෙහෙම එනේක්ව ගැලපෙන්නේ, ඉතින් මම ආදරය කරන්නේ මෙහෙම කෙනෙකුට විතරයි කියල ආදරය කරන එක ගුණයි එක අතකට. ඒක සදාරණීය හිතීමක් නොවන්න පුළුවන්, හැබයි ආදරය කරලා හිතුන පලියට, පසුව ඩම්ප් කරනවට වඩා, හිතල බලල තමන්ට ඕන කෙනාට ආදරය කරන එක හොදයි. ඔබ එහෙම විශේෂයෙන්ම අරව මේවා බලාපොරොත්තු වෙන ගැහැනියක් හෝ පිරිමියෙක් නම් තවත් කෙනෙකුගේ හදවතේ තුවාලයක් ඇති නොකර, තමන්ට ඕනෑමයි මෙවැනි විදිහේ කෙනෙක් බදින්න කියන අයට කියන දෙයක් තමයි ඕක මම. අන්නුනට රිද්දල තවත් කෙනෙක්ව බැදල තමන් සතුටෙන් පවුල් කන එක පවු. අනිත් කෙනා හිතින් දුක් විද විද නැති උන ආදරය ගැන ලත වෙන කොට කාත් කවුරුත් නැතුව ජීවිතේ, ඔබ කොහොමද සන්තෝසෙන් ළමයි හදාගෙන ජීවත් වෙන්නනේ? මම මෙහෙම කියන්නේ, මම දකින ආදරය ඔය කියන උතරීතර ආදරය දෙන්න පුළුවන් දෙමාපියනට පමණයි. මොකද දන්නවද, අපි ආදරය කරනකොට ගොඩක් දේවල් දැනුවත්ව හෝ නොදැනුවත්ව බල පොරොත්තු වෙනවා අපි කැමැති කෙනාගෙන්. ඔන්න ඉතින් කෙල්ල, ගොඩක් ලස්සන නම්, ගොඩක් ඉගෙන ගත්ත කෙනෙක් නම්, සල්ලිත් තියෙනවනම්, පෞලුත් හොදනම්, කෙල්ලත් හොදනම්, අනේ අප්පෝ ඕන යකෙක් පහුවෙන්දම බැදී. මොකද ඔක්කොම තියෙන "පැකේජයක්" නිසා. කොල්ලෝ විටරක් නෙමෙඉ, කෙල්ලොත් එහෙමයි. කොහොම උනත් අපි කරන හරි, කරපු හරි ආදරයක් මකන්න කෙල්ලෙක්ට නම් ගොඩක් කාලයක් යනවා ඇත්තටම ආදරය කලා නම්. ඒක හරි වේදනාත්මක මතක සටහනක්. කෙල්ලෙක් එහෙම ආදරයකින් පස්සේ බැන්දම, මහත්තය ලස්සන කාරුනීක ආදරයක් නොදෙනවානම්, කෙල්ල බිරිදක් වශයෙන් එතන ආදරයට වඩා කරන්නේ "කොම්ප්ර මයිස්" එකක්. හැබැයි, මහත්තය ගොඩක් බුද්දිමත් ජීවිතේ තේරුම් ගත්ත සහ අවන්කවම තමන් බැදපු කෙනාට අනේ මගෙත් එයාගේ ජීවිතෙත් මොනතරම් අතීතයක් තිබුනත්, අපි දැන් එක ජීවිතයක් විදිහට ඉන්නවා කියල හිතාගෙන අවංක හිතින් කරුණාවෙන් ආදරයක් දෙන්න පුළුවන් නම්, පරණ තුවාල අතීතයේ අමතක කිරීම කජ්ජක් නෙමෙඉ. මොකද දන්නවද, එතකොට හිතෙනවා මෙන්න මේක තමයි මිහිරි ප්රතරාථකාමී
සැබෑ ආදරයක් කියල. කලින් අතීතයේ හිටපු කෙනා වගේ ආත්මාර්ථකාමී නෙමෙඉ කියල. මොන අඩුපාඩු තිබුනත්, අපි කොහොම හරි ඒවා හද ගෙන ( අපි දන්නවා එකට ඉන්නකොට බැදලා, හැම දේම ගැලපෙන්නේ නැහැ තමයි. මොකද වෙනස් දෙන්නෙක් එකට එක වහලක් යට ජීවිතේ බෙදාගෙන පවුල් කන්න හදන නිසා. ඉතින් වැඩේ ලේසි නැහැ. යාලු වෙලා ඉන්නකොට වගේ නෙමෙඉ. මේක ඉවසීමෙන්, කරුණාවෙන්, රළු පරළු භාදක මැද යන ගමනක්නේ. එකයි. ). ඉතින් ජීවත් වෙලා ඉන්න කලේ පුළුවන් තරම් හොදින් ඉන්න බලන්න. නැත්නම් මැරුණට පස්සේ අඩල වැඩක් නැහැ. මොකද අපි කරන හැම දෙයක්ම සදාතනික නොවෙඉ. අඩුම ගානේ, සාධාරණීය මනුස්සයෙක් නම්, තමන් කෙනෙක්ට මිහිරි ආදරය දෙන්න. එය තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය වෙන්න පුළුවන්, නැත්නම් සැමියා බිරිද වෙන්න පුළුවන්. ( මෙතනදී අපි ගැහැනියක් පිරිමියක් අතර ඇති ආදරයක් ගැන කතා කරන නිසා, දෙමාපිය, හෝ වෙනයම් ආදර කොට්ටාසයන් ගැන කතා කරන්නේ නැහැ...) හැම තිස්සෙම මතක තියා ගන්න අනුන්ට මිහිරි ආදරයක් දෙන්න, අමිහිරි වේදනාත්මක අත්දැකීමකට වඩා. එක ලොකු පිනක් ජීවිතේ. කෙනෙක්ට ඇත්තට ආදරය කරලා එයාගේ ජීවිතේ සතුටින් තියන එක. එක දේව ගතියක් මනුස්ස රූපයෙන් ඉන්න ඔබේ.
-------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------
Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts
Thursday, July 22, 2010
Monday, May 10, 2010
ගතික ආදරය
ආදරය කියන්නේ කුමක්ද කියන එක අපි කවුරුත් ජීවිතයේ කුමන මොහොතක හරි චුට්ටක් හිතල බලපු දෙයක් තමයි. එත් ඉතින් කාටවත් ඒ ගැන යම් වැටහීමක් තියෙනවයි කියලානම් මට හිතෙන්නේ නැහැ. කවුරුහරි යම් මොහොතක යම් වැටහීමක් ලැබුවානම් එය සැනකින් වෙනස් වෙලා අලුත්ම විදියකට ඒ ගැන ක්ෂණයකින් හිතන්න පටන් ගන්නවා. මගේ තේරීමේ හැටියට මේ ආදරය කියන්නේ හරිම dynamic දෙයක්. ඒකියන්නේ යම් ගතික භාවයක් නිතරම තියෙනවා. එත් ආදරේ කරද්දී මිනිසුන් බොහෝවිට යොදාගන්න වචන හෝ වාක්‍ය කිහිපයක් අරන් බැලුවහම, මාගේ තර්කයට හෝ වැටහීමට සම්පුර්ණයෙන් වෙනස්වූ අදහසක් තමයි එන්නේ. මම ඔයාට හැමදාමත් ආදරෙයි, මම ඔයාගේ සදාදර සුදු, සංසාරේ හැමදාමත් ඔයා ලඟින්ම මම ඉන්නවා, මම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ රත්තරන්, මගේ ආදරය ඉර හඳ වගේ, ඔය වාගේ දහසකුත් වචන අපි පාවිච්චි කරනවා. එත් හිතල බලන්න ඔයාලගේ හිතේ ඇතිවෙන අදර හැන්ගීම් විටින් විට වෙනස් වෙන්නේ නැද්ද කියලා. අඩුම තරමින් ඔය සදාතනික ආදරය පුංචි අඩු වැඩිවීම් වලට ලක් වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් පොඩ්ඩක් සරාගික හැන්ගීම් වලට ඉඩදුන් වෙලාවට තියෙන ආදරයත්, පන්සලේදී මල් පුජා කරන කොට එයා ඔයා දිහා හොරෙන් බලනකොට ආදරයෙන් හිත බරවුණු හැටිත් සමානද? මටනම් හිතෙන්නේ ජීව විධ්‍යත්මකව පවා ලොකු වෙනසක් ඔය අවස්ථා දෙකේ අපේ ඇඟ ඇතුලේ ඇතිවෙනවා. උදාහරණයක් විදියට අවයව වලට රුධිර සැපයුමත් මේ අවස්ථා දෙකේදී වෙනස්. මොකද අපි නොදන්නවා උනාට අපේ ශරීරය දන්නවා අප තුල මේ පහල වෙච්ච ආදරයේ වෙනස් කම්. ඉතින් මම හිතන්නේ මේ ආදරය කියන්නේ හරිම වෙනස් වීම් වලට භාජනය වෙන දෙයක් කියලයි. එත් හිතින් ආදරය ගැන මගේ මේ තියෙන හැන්ගීම්, විශ්වාසය යම් දවසක් වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් එදාට බැරියයි ඒ ගැන බ්ලොග් එකේ ලියන්න.
ගතික ආදරය
Monday, April 19, 2010
ආදරය කියන්නේ මොකක්ද ඇත්තටම?
මගේ යාළුවෙක්ගෙ අත්දැකීමක් මම මෙහි සටහන් කරන්නේ. පුදුමයි!
ආදරය කියන්නේ මොකක්ද ඇත්තටම?
ඔයාට ආදරේ කරන කොට මම හිතුවේ ලෝකය කෝච්චර සුන්දරද කියල
එත් එක සදාතනික ආදරයක් නොවන වග තේරුනේ අපි ජීවිත දෙකක් වෙලා දුර ඈතක වෙනම කෙනෙකුට ආදරය කරමින් පවුල් උනාම. ඔය කියන නොනිමෙන ආදරයක් ලබන්න අතම ගණනාවක බැදීමක් තියෙන්න ඕනේ දෙන්නෙක් අතර කියල මට තේරුනේ වයසින් මුහුකුරා ගිහිල්ල ගොඩක් දේවල් වලට තෙරපිලා පොඩිවෙලා දුක්විදල ඒ අතරේ පොඩ්ඩක් හිනාවෙලා ජීවිතය අරගෙන යනකොට. මම එවැනි නොදිබෙන සංසර ආදරයක් ලබන්න වාසනාව නැති උනත්, මම ප්‍රාර්ථනා කරනවා මගේ හිතින් මකල දාපු ඔයා වගේ අත්මාර්ථකාමී ආදරවන්තයෝ කියන උදවිය, නොමියන ආදරයක් කාගෙන් හරි ලබල සන්තෝසෙන් ඉදි කියල.
ඒක කවද හරි දවසක ඇත්තට ආදරය කරපු ඒ වගේම ඇත්තටම හිතින් කරුණාවෙන් මකා දමපු ආදර හදක පැතුමක්. දැන් ආදරය එදා වගෙය් බොලද නැති එකක්. ඒක "කම්ප්‍රම්යිස්" ආදරයක් ඒ වගේම මට හිත්තෙන්නේ සැබෑ පරිනත ආදරයක්, පුහු ආදරයක් නෙමේ. පුහු ආදරේ කරුණු හොයනවා වෙන් වෙන්න, හැබයි පරිනත ආදරය ගොඩ නැගුනේ දෙදෙනෙකු සැමියයි බිරිදයි වෙලා කම් කටොලු සිනහ මැද සඳු දබර මැද පොඩි කුඩුවක් ගෝඩනගන්න හදනකොට. එක අපි යාලු වෙලා ඉදපු කාලෙය් වගේ සිනමා සිහිනයක් නම් නෙමේ. ගොඩක් වෙලාවට ලොකු සටනක් ආදරය දයාව කරුණාව තියා ගන්න. ලොකු කැප කිරීමක්.
ඉතින් මට කවද හරි සංසාරේ මා වෙනුවෙන් ජීවිතය ප්‍රාර්ථනා කරන කෙනෙක් හම්බ වෙන්න කියල මගේ යටි හිත කියනවා. එක ඔය උනත් කුරු උනත් කමක් නැහැ, මොකද දන්නවද මට ඕනේ සදාතන්ක සාංසාරික ආදරයන්තයෙක්. නිකම්ම නිකන් මම ඔයාට ආදරේ මම ඔයා වෙනුවෙන් කැප කරා කියන මනුස්සයෙක් නෙමේ.
මගෙය් හටද මටත් වැඩ ආදරය කරන, මා වෙනුවෙන් සංසාරයේ දුර ගමනක් ආව කෙනෙක් කව හරි ඉදිවී නේද? එතකොට ඔයා වගෙය් හිත රිද්දන පුහු රූපයන් බොදවෙලා මැකිලා ගියාට කමක් නැහැ.
"මම ආදරය දකින්නේ, මට ආදරය කරන, මගේ හදට ආදරය කරන, මමත් ආදරය කරන අදරේකට."
ආදරය කියන්නේ මොකක්ද ඇත්තටම?ආදරය කියන්නේ මොකක්ද ඇත්තටම?

Tuesday, April 13, 2010
එයාගේ ආදරය
මට මතකයි ඔයයි මමයි කෙහෙදෝ ගමනක් යද්දී ...
මොනවදෝ එකකට ඔයා කිව්වා "ගැහැණු ඔහොම තමා කියලා"
ඔන්න ඉතින් වාදය පටන් ගත්ත අපිදෙන්නගේ .....
"එතොකට ඔයාගේ අම්ම ගැහැණියෙක් නෙමේද? මම ගැහැණියෙක් නෙමේද?"...
කා අතරත් වගේ කොච්චර ආදරෙන් හිටියත් අපිදෙන්නත් ඉතින් පොඩි දේවල් වලට වාද වෙනවා.
එත් ඉතින් ඒවා දුර දිග යන්නේ නැහැ ....
මම කියන්නන් වාලේ කිව්වට එයා අපහාසයක් කරන්න අදහස් කරේ නැහැ ...
එත් එයාට දුක හිතුනා කියලා මට දැනුනා ........
චුට්ටක් වෙලවකින්ග් එයා කටහඩ අවදි කළා..
"කවදාවත් මට අම්මව ගැහැණියෙක් විදියට හිතිලා නැහැ ......
අම්ම කියන්නේ ගැහැණියෙකුත් නෙමෙයි, පිරිමියකුත් නෙමෙයි කියන හැගීමක් තමයි මට තිබුනේ .......
අම්ම කියන්නේ වෙනමම විශේෂ කෙනෙක් අපේ ජීවිතයේ ....
ඒවගේම තමා ඔයා.....
ඔයා ගැහැනියක්වත් පිරිමියෙක්වත් නෙමෙයි ...
ඔයා අම්මා වගේම මගේ ජීවිතයේ විශේෂ කෙනෙක් ......."
එහෙම කියනකොට එයා මට කොච්චර ආදරේද කියල මට හිතුනා ....
එයාගේ ආදරයමොනවදෝ එකකට ඔයා කිව්වා "ගැහැණු ඔහොම තමා කියලා"

ආදර කතාවක්!
කාලෙකට පස්සේ හම්බුනා පෙම් යුවලක් ....
කෙල්ල කොල්ලගෙන් අහනවා "ඔයා හිතන්නේ මම ලස්සනයි කියලද?"
කෙල්ල ලස්සන උනත් කොල්ල කියනවා "නැහැ" ...
අයෙත් කෙල්ල අහනවා "ඔයාට මාත් එක්ක හැමදාමත් ඉන්න ඕන කියල හිතෙනවද?" කියලා......
කොල්ලගේ උත්තරේ අයෙත් "නැහැ" කියල .......
දුකෙන් උනත් කෙල්ල අහනවා..."මම ඔයාව දාල ගියොත් ඔයා අඩනවද කියලා" ...
කොල්ලගේ උත්තරේ වෙනසක් නැහැ .......
කෙල්ලගේ ඇස් දෙකේ කඳුළු පිරුණා.....මුළු ලෝකෙම තමන්ගේ දෙපතුල ළඟ කඩාවැටුන ගානට ....
කෙල්ල හැරුනේ නොපෙනෙන අතකට දුවගෙන යන්න ....
එතොකටම ඇගේ අතින් අල්ල ගත්ත කොල්ල කියනවා ....කඳුළු පිරුණු ඇස්දෙකට බර වෙලා ....
අත් දෙක පපුවට තුරුළු කරගෙන......
"ඔයා ලස්සන නැහැ; ඔයා හරිම සුන්දරයි!"....
"මට ඔයත් එක්ක හැමදාම ඉන්න ඕන නැහැ, මම පෙරුම් පුරන්නේ ඔයතෙක්ක සදහටම ජීවත්වෙන්න"..
" ඔයා මව දාලා ගියොත් මම අඩන්නේ නැහැ , මාව මැරෙයි!"......
ආදර කතාවක්!කෙල්ල කොල්ලගෙන් අහනවා "ඔයා හිතන්නේ මම ලස්සනයි කියලද?"

Subscribe to:
Posts (Atom)