මට මතකයි ඔයයි මමයි කෙහෙදෝ ගමනක් යද්දී ...
මොනවදෝ එකකට ඔයා කිව්වා "ගැහැණු ඔහොම තමා කියලා"
ඔන්න ඉතින් වාදය පටන් ගත්ත අපිදෙන්නගේ .....
"එතොකට ඔයාගේ අම්ම ගැහැණියෙක් නෙමේද? මම ගැහැණියෙක් නෙමේද?"...
කා අතරත් වගේ කොච්චර ආදරෙන් හිටියත් අපිදෙන්නත් ඉතින් පොඩි දේවල් වලට වාද වෙනවා.
එත් ඉතින් ඒවා දුර දිග යන්නේ නැහැ ....
මම කියන්නන් වාලේ කිව්වට එයා අපහාසයක් කරන්න අදහස් කරේ නැහැ ...
එත් එයාට දුක හිතුනා කියලා මට දැනුනා ........
චුට්ටක් වෙලවකින්ග් එයා කටහඩ අවදි කළා..
"කවදාවත් මට අම්මව ගැහැණියෙක් විදියට හිතිලා නැහැ ......
අම්ම කියන්නේ ගැහැණියෙකුත් නෙමෙයි, පිරිමියකුත් නෙමෙයි කියන හැගීමක් තමයි මට තිබුනේ .......
අම්ම කියන්නේ වෙනමම විශේෂ කෙනෙක් අපේ ජීවිතයේ ....
ඒවගේම තමා ඔයා.....
ඔයා ගැහැනියක්වත් පිරිමියෙක්වත් නෙමෙයි ...
ඔයා අම්මා වගේම මගේ ජීවිතයේ විශේෂ කෙනෙක් ......."
එහෙම කියනකොට එයා මට කොච්චර ආදරේද කියල මට හිතුනා ....
Mystery Diagnosis -- Behcet's Disease, Part 2 of 2
14 years ago
1 comments:
හිතාගන්නවත් බැරි විදිහට හිතලා .. :(
Post a Comment