අද මට ආයෙත් ලියන්න හිතුනා ...face book එකේ අයියා කෙනෙක් කිව්වා මගේ සිංහල අකුරුවල ගොඩාක් වැරදි තියෙනවා කියලා. ඉතින් හරිම පරෙස්සමෙන් තමයි අද ලියන්නේ. ලියනවට වඩා අද තියෙන්නේ පෙන්නන්න දෙයක්. මට අද e -mail එකක් අවා ලස්සන පින්තුර ටිකක්. ඉතින් මම හිතුව ඒවා ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා. ජීවිත් දිහා සුන්දරව බලන එක මගේ පුරුද්දක් ඉතින් මේ වගේ දෙයක් ලැබුනම එක අනෙත් අයත් එක්ක බෙදා ගන්න එක තමයි මගේ සතුට. අනිත් අතට තමන් කැමති දෙයක් ගැන පහසුවෙන් ලියන්නත් පුළුවන්නේ.මේ පින්තුර ගොන්නට තව පින්තුර තිබුනා. ඉතිරි ටික පස්සේ දවසක බෙදාගන්නම්.
මේ මුල් පින්තුර ටික ලස්සන ගමක් ගැන ..ඒ ගමේ පාරවල් මුකුත්ම නැහැලු ..මේ ගම තියෙන්නේ Holland වල . මෙහි මිනිසුන් ගමනට යොදා ගන්නේ බෝට්ටුලු. ඒකත් ඉතින් නරක නැහැ.
මේ පින්තුරත් එක්ක අපේ තාත්තත් මට මතක් කර දුන්නා ලංකාවේ පාරවල් නැති ගම් ගැන. ලී කොටන් පාලන ලෙස දාගත්තු දුප්පත් ගම්වැසියන්ගේ පින්තුර මම දැකල තියෙනවා ..ඒ අතින් බලපුවම හරිම දුකයි. අපේ තාත්තා කියනවා ලංකාවෙත් එහෙම පාරවල් තියෙනවා කියලා. බැලින්නම් එයා කියන්නේ වලවල් හැරිච්ච පාරවල් වැස්සට වතුර පිරුණම සිද්ද වෙන් දේ ගැන. එත් ඉතින් මොන බෝට්ටුද ? කොහොමවුනත් මේ පින්තුර ටික ලස්සනයි. ඉතින් තවත් දවසක හම්බවෙනකම් මම සමු ගන්නම්.
E-mail ඇසුරෙන් - This pictures were received by me as an e-mail. If you are the owner of these pictures and have any copy right issue; please inform us to remove this post.
Thursday, April 29, 2010
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment