ඔන්න ඉතින් අජන්ත මෙන්ඩිස්ටත් හරි ගිහිල්ලා. ඔයාලා දැනටමත් මේ පින්තුර ටික දැකලා ඇති. නමුත් ඉතින් මටත් හිතුන පින්තුර ටික මෙතන upload කරන්න. අජන්ත මේ දවස්වල හොඳට ball නොකරන හේතුව මේක වෙන්න ඇති. කොහොම උනත් මට හරි ප්‍රශ්නයක් තියෙනවා. අජන්ත ඉංග්‍රීසි කතා කලේ නැහැනේ එක දිගට awards ගත්ත කාලේ. එතකොට translator උනේ team එකේ captain නේ. ඉතින් මෙයා ලංකාවේ එක්කෙනෙක් නෙමෙයි නම් අජන්ත කොහොමද කතා කරනවා ඇත්තේ? ඔන්න ඕවා අමතක කරලා පින්තුර ටික බලමු.
Showing posts with label පින්තුර කතා. Show all posts
Showing posts with label පින්තුර කතා. Show all posts
Tuesday, May 25, 2010
Sunday, May 16, 2010
අලුත් දෙයක් ..
අලුත් දෙයක් ..කියලා කිව්වට ඉතින් මේක බ්ලොග් වලටනම් අලුත් දෙයක් නෙමේ. ඒත් පහුගිය දවස්වල මට වැටහුන විදියට සිංහල blog ලියන අයටනම් තියෙන ප්‍රශ්නයක්. අපි ඉංග්‍රීසියෙන් ලියලා තියෙන බ්ලොග් එකක් හරි වෙබ් සයිට් එකකට ගියොත් google දැන්වීම් බහුලව දකිනවා. නමුත් සිංහලෙන් ලියන යට දැන්වීම් සපයන ආයතන හරි අඩුයි. ඒක සමහරක් විට අපිට කරන අසාදාරනයක්. විශේෂයේනම් ඉංග්‍රීසියෙන් විනෝදාංශයක් විදියට උනත් බ්ලොග් ලියන අයත් යම්කිසි අමතර මුදලක් මේ මගින් උපයන්න උත්සහ කරනවා. කොහොම උනත් මට පුළුවන් උනා මේ දැන්වීම් ආයතනයේ දැන්වීම් ලබා ගන්න. අපි බලමු මේක කොහොමද කියලා. එහෙම උනොත් සිංහලෙන් සයිට් පවත්වාගෙන යන යහළුවන්ට යම් කිසි අමතර මුදලක් ලබන්න පුළුවන් වේවී. මම ඉදිරියේදී කියන්නම් කොහොමද මීයාල ගෙවන්නේ කියලා. ඉතින් ඒකට යම් කිසි දැන්වීම් ප්‍රමාණයක් මේ බ්ලොග් ඒකට එන යන අය කොටලා බලනකම් ඉන්න වෙනවා. විශේෂයෙන්ම අමෙරිකාවෙන්, කැනඩාවෙන් සහ යුරෝපයෙන් එන මිතුරන් මේ දැන්වීම් කොටලා බලනවානම් එය පුංචි සහයෝගයක් වේවි.
අලුත් දෙයක් ..
Sunday, May 9, 2010
ලස්සන පින්තුර ටිකක් ..
ලස්සන පින්තුර ටිකක් එකතු කරන්න හිතුනා බ්ලොග් පිටුවට. හැබැයි කවදත් වගේ පුංචි කතාවක් කියන්න එපැයි. නැත්නම් ඔයාල මොනවද කියවන්නේ නේද? බ්ලොග් පිටුවක්නම් කියවන්න යමක් තියෙන්නම ඕන. ඒත් තවම මුකුත් අදහසක් නැහැ. අද mothers day එකනේ, ඉතින් අම්මා ගැන යමක් ලියන්න පුලුවන්නම් හොඳයි. අදහසනම් ගොඩාක් තියෙනවා. ඒත් ගොඩාක් ගැඹුරු දෙයක් ලියන්න මේ වෙලාවේ සිත සුදානම් නැහැ. ඒත් මගේ ලග ගොඩාක් අදහස් ගොනු ගැහිලා තියෙනවා ලියන්න. මම හිතන්නේ mothers day කියලා වෙනම දවසක් තියෙන්න ඕනේ නැහැ කියලා. අපිට ඉතින් බයක් වේදනාවක් දැනුනොත් "බුදු අම්මෝ" කියලා කියවෙනවානේ.
fashion එකටත් එක්ක අපේ ගෙදර අය අද රාත්‍රී ආහාරය රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා ගන්නයි හදන්නේ. Mothers Day සමරන්න. ඉතින් ඔය නොයෙකුත් Days වලින් වාසිය ව්‍යාපරකියන්ට තමයි. අම්මා කියන අගනා වස්තුවත් වනිජකරනීය වෙලා නේද කියලයි හිතෙන්නේ. ඒත් ඉතින් මේ රටේ ජීවත්වෙන සමහරක් මිනිසුන්ට එහෙම වෙනම දවසක් වෙන් කරලා ඇගිල්ලෙන් ඇනලා මතක් කරලා දෙන එක ලොකු දෙයක්. නැත්නම් එවුනට අම්මා තාත්තා මතක නැහැ. විශ්වාස කරන්න, එකේ අනිත් පැත්තත් එහෙම තමයි. දරුවෝ හැදෙන්නේ උන්ට ඕන විදියට, දෙමව්පියන් උන්ගේ ලෝකවල.
ඉතින් අම්මා ගැන තියෙන ආදරණිය අදහස් ටික එහෙම්ම තියාගෙන අදට සමුගන්නම්. නමුත් මම අම්මා ගැන ගොඩාක් ඉදිරියට ලියන්න බලාගෙන ඉන්නවා.
Tuesday, May 4, 2010
දරිද්‍රතාවය
අවුරුදු දොලසක් වයසැති වයිභාව් ගුර්නුලේට මෙසේ කොණ්ඩය බූ ගාන්න සිද්දවුනේ සිය දිවි නසාගත් පියාට උපහාරයක් විදියටයි. වෛභාව්ගේ පියා සිය දිවි නසා ගත්තේ ගොවිතැන් අසාර්ථකවීමත්, දරා ගත නොහැකි ණය බරත් නිසයි. ඉන්දියාවේ ගොවියනට පවතින ජල හිඟය ඔහුගේ පියාගේ වගා අසාර්ථක වීමට හේතු වෙලා තියෙනවා. පියාගේ අභාවයෙන් පස්සේ ඔහුගේ පියාගේ ගොවිතැන් බලා කියාගන්න වෙන්නේ වෛභාව්ට කියලා සදහන් වුනා.
ඉතින් මම මේ පින්තුරේ ඔයාල එක්ක බෙදා ගන්නේ ලෝකේ දරිද්‍රතාවය නිසා සිද්ද වෙන දේ ගැන සිත සසලවයි. වෛභාව්ට පියා නැතිවුනාවගේම කොන්දේත් නැතිවෙන්නයි යන්නේ. මේ වගේ පාරම්පරික ඇදහිලි විශ්වාසත් මගේ හිතේ ඇති කරන්නේ දුකක්. නමුත් මෙයින් සමහරවිට ඔවුන් අතර පවතින විශ්වාස මත යම් කිසි සහනයක් මේ අසරණ සිත් වලට ඇතිවෙනවා ඇති.
මම මේක පොඩි අවස්තාවක් කර ගන්නම් ලෝක ආහාර ප්‍රශ්නය ගැන කතා කරන world hunger site එකේ දැන්වීම් කිහිපයක් ඔයාලත් එකා බෙදා ගන්න.
මම මේක පොඩි අවස්තාවක් කර ගන්නම් ලෝක ආහාර ප්‍රශ්නය ගැන කතා කරන world hunger site එකේ දැන්වීම් කිහිපයක් ඔයාලත් එකා බෙදා ගන්න.
මේ වෙබ් පිටුව ලෝක සාගින්න දුරලීම වෙනුවෙන් කැප වුන ආයතනයක් හා සම්බන්ද බවයි කියවෙන්නේ . ඉතින් ඔයාලත් ගිහින් බලන්න.
ඔය පින්තුරයක් මත click කලාම ඔයාලට ඒ වෙබ් පිටුවට යන්න පුළුවන්.
Sunday, May 2, 2010
පාට පාට මල් සහ වසන්ත කාලය ...
ලස්සන මල් ටිකක පින්තුර ටිකක් ගත්තා. මේ දවස්වල ඔතින් මල් පැල වවන කාලය. කැනඩාවට වසත් කාලය ලැබුවා විතරයි. නමුත් ඉතින් මල් වෙළෙන්දෝ ශ්‍රීත කාලයේ ඉදන්ම ලෑස්තිවෙන බව මේ ලස්සන මල දැක්කම ඔප්පුවෙනවා. මම මල් වැවුවේ නැති වුනත් මම මල් වලට හරි ආසයි ...ඉතින් මම මේ ලස්සන මල් ගොන්න මගේ බ්ලොග් එක හද කරන්න යොදා ගත්තා.
දයාන් විතාරණ මහතාගේ වසත් කාලය මනරම් ගීතය මේ සටහනට ගලපෙනවයි කියලයි හිතන්නේ ....ඉරාජ් ගේ මල් සින්දුව දාන්න කියලත් ඉල්ලීමක් ආවා ..ඇයි ඒක නොදැම්මේ කියලනම් අහන්න එපා ....
මම මේ ගිම්හාන කාලයේ මේක තමයි විනෝදාංශයක් විදියට කරන්න හදන්නේ ..පුළුවන් වෙලාවට මම ඒවා ඔයාල එක්ක බෙදාගන්නම්. මතක ඇතිව මගේ අනිත් වෙබ් පිටුත් බලන්න. එකක් තමයි ශාන්යා TV වෙබ් පිටුව. තවත් වෙබ් පිටුවක් පටන් ගත්තා, ඒක සිංහල සින්දුවලට හැබැයි මේ දවස් වලනම් සින්දු ටිකයි තියෙන්නේ. මේ වෙබ් පිටුවට ඔයාලටත් සින්දු එක් කරන්න අවස්ථව දෙන්න පුළුවන්. ඔයාලත් කැමතිනම් ඔයාලගේ ආසම අදර සින්දු ඒකට එකතුකරන්න මට අවස්තාවක් ලබා දෙන්න පුළුවන්. හැබැයි පොඩි blogger ගැන දැනුමක් අවශ්‍ය වේවි. ඔයාලට තියෙන්නේ you tube video වල url එක දමන්න විතරයි. මුලින්ම මේ සින්දු එකතුව බලන්නකෝ ...
Sri Lanka Song Collection - Lovers Lane
පාට පාට මල් සහ වසන්ත කාලය ...දයාන් විතාරණ මහතාගේ වසත් කාලය මනරම් ගීතය මේ සටහනට ගලපෙනවයි කියලයි හිතන්නේ ....ඉරාජ් ගේ මල් සින්දුව දාන්න කියලත් ඉල්ලීමක් ආවා ..ඇයි ඒක නොදැම්මේ කියලනම් අහන්න එපා ....
මම මේ ගිම්හාන කාලයේ මේක තමයි විනෝදාංශයක් විදියට කරන්න හදන්නේ ..පුළුවන් වෙලාවට මම ඒවා ඔයාල එක්ක බෙදාගන්නම්. මතක ඇතිව මගේ අනිත් වෙබ් පිටුත් බලන්න. එකක් තමයි ශාන්යා TV වෙබ් පිටුව. තවත් වෙබ් පිටුවක් පටන් ගත්තා, ඒක සිංහල සින්දුවලට හැබැයි මේ දවස් වලනම් සින්දු ටිකයි තියෙන්නේ. මේ වෙබ් පිටුවට ඔයාලටත් සින්දු එක් කරන්න අවස්ථව දෙන්න පුළුවන්. ඔයාලත් කැමතිනම් ඔයාලගේ ආසම අදර සින්දු ඒකට එකතුකරන්න මට අවස්තාවක් ලබා දෙන්න පුළුවන්. හැබැයි පොඩි blogger ගැන දැනුමක් අවශ්‍ය වේවි. ඔයාලට තියෙන්නේ you tube video වල url එක දමන්න විතරයි. මුලින්ම මේ සින්දු එකතුව බලන්නකෝ ...
Sri Lanka Song Collection - Lovers Lane
ඔබ ඇපල් මලක් වාගේ - ඇපල් මලක පින්තුරයක් ...
ඔබ ඇපල් මලක් වාගේ කියන ලස්සන සිංහල සින්දුව මම අහන්න පටන් ගත්තේ මම කැනඩාවට ආවාට පස්සෙයි ....(පොඩි කාලේ කනට වැටෙන්න ඇති නමුත් ගේ තමයි ලංකාවේ kenමතකයක් නැහැනේ ..). ඉතින් පළමු පාරට මේ සින්දුවේ වචන ගැන තේරෙනකොට මම ඇපල් මලක් දැකලා තිබුනා.
එත් ඉතින් අද මේ ලියන්නේ කෙලින්ම ඒ සින්දුව ගැන නෙමෙයි ....
දැන් කැනඩාවේ වසන්ත කාලය(Spring) උදා වෙලයි තියෙන්නේ ...අපේ ගෙදරත් දැන් හරි හරියට මල් වවන්න සහ එළවලු වවන්න පටන් අරගෙන . ඉතින් අද ඉරිදා අපි ගියා පල විකුණන තැනකට. මෙහෙ ඉතින් මේ කාලයට හැම ලොකු කඩයකම මල් පැල සහ පොහොර විකුනන්න දානවා ..ඉතින් මට පුළුවන් උනා ඔයාල වෙනුවෙන් ලස්සන පින්තුර ටිකක් ගන්න, ඉතින් මම ඇපල් මලක් වගී සින්දුවත් එක්ක මේ පින්තුර ටික පලකරන්නම්. නොවරදවාම මම තව මෙහෙ වසන්ත කාලයේ සුන්දරත්වය රැගත් පින්තුර ගොන්නක් එකතු කරනවා.
මතක තියාගන්නේ වසන්ත කාලයෙන් පස්සේ එන්නේ ගිම්හානය(Summer) . ඉතින් මේ කාලය අපි ගොඩාක් ඇවිදින්න යන කාලය. නොවරදවාම මම ලස්සන පින්තුර ටිකක් ඔයාල වෙනුවෙන් ගන්නවා ..
තව එක දෙයක් ලියන්න අමතක උනා. මේ පින්තුරයේ තියෙන ඇපල් පලයේ එක එක අතු බද්ද කරලයි තියෙන්නේ . ඉතින් ඒ අතුවලින් ලැබෙන ගෙඩිත් වෙනස් වෙනවා. ඔයාලට දැනගන්න ඕන නම් මේකේ මිල වුනේ 35 Canadian Dollar. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් තුන් දහස් පන්සියයකට කිට්ටුව. හැබැයි මෙහෙ අයගේ පඩියත් එක්ක බලාලා සංසන්දනය කලොත් ඒක රුපියල් තුන්සිය පනහක් වගේ තමයි මෙහෙ කෙනෙකුට දැනෙන්නේ ...
ඉතින් මේ ගැන ඔයාලට මුකුත් කියන්න තියෙනවානම් comment එකක් දාන්න . සියලු සිංහල වැරදි සහ ව්‍යාකරණ වැරදි පෙන්වා දෙන්න. ඒවගේම මගේ TV වෙබ් පිටුව බලන්නත් අමතක කරන්න එපා.
ඉතින් මම කලින් කිව්වා වාගේ මේ තමයි මේ ඇපල් පැලයේ එක් එක් අතුවල තියෙන ඇපල් ප්‍රබේදය නම් කරලා තිබුන හැටි ...
ඉතින් කියන්න ඇපල් මල ඔය තරම්ම ලස්සනද කියලා. හැබැයි මම හිතන්නේ ගීතය ලියු කැලුම් ශ්‍රීමාල් මහතාට තියෙන්න ඇත්තේ වෙනමම අදහසක් ....
හැබැයි මටනම් ඇපල් මල ලස්සනයි ..එහි කියන්න තරම් සුවදක් නැතිවුනත් සුදුපාටටයි එහි තියෙන හුරුබුහුටි කමටයි මම ආසයි ...මතක තියාගන්න මමත් ඇපල් මල වාගෙයි .....
දැන් ඉතින් සින්දුව පොඩ්ඩක් ඇහුවොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද ...මෙන්න මම ඒක මෙතනටම ගෙනත් දැම්මා...
ඔබ ඇපල් මලක් වාගේ - ඇපල් මලක පින්තුරයක් ...එත් ඉතින් අද මේ ලියන්නේ කෙලින්ම ඒ සින්දුව ගැන නෙමෙයි ....

Thursday, April 29, 2010
පාරක් නැති ගමක්
අද මට ආයෙත් ලියන්න හිතුනා ...face book එකේ අයියා කෙනෙක් කිව්වා මගේ සිංහල අකුරුවල ගොඩාක් වැරදි තියෙනවා කියලා. ඉතින් හරිම පරෙස්සමෙන් තමයි අද ලියන්නේ. ලියනවට වඩා අද තියෙන්නේ පෙන්නන්න දෙයක්. මට අද e -mail එකක් අවා ලස්සන පින්තුර ටිකක්. ඉතින් මම හිතුව ඒවා ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා. ජීවිත් දිහා සුන්දරව බලන එක මගේ පුරුද්දක් ඉතින් මේ වගේ දෙයක් ලැබුනම එක අනෙත් අයත් එක්ක බෙදා ගන්න එක තමයි මගේ සතුට. අනිත් අතට තමන් කැමති දෙයක් ගැන පහසුවෙන් ලියන්නත් පුළුවන්නේ.මේ පින්තුර ගොන්නට තව පින්තුර තිබුනා. ඉතිරි ටික පස්සේ දවසක බෙදාගන්නම්.
මේ මුල් පින්තුර ටික ලස්සන ගමක් ගැන ..ඒ ගමේ පාරවල් මුකුත්ම නැහැලු ..මේ ගම තියෙන්නේ Holland වල . මෙහි මිනිසුන් ගමනට යොදා ගන්නේ බෝට්ටුලු. ඒකත් ඉතින් නරක නැහැ.
මේ පින්තුරත් එක්ක අපේ තාත්තත් මට මතක් කර දුන්නා ලංකාවේ පාරවල් නැති ගම් ගැන. ලී කොටන් පාලන ලෙස දාගත්තු දුප්පත් ගම්වැසියන්ගේ පින්තුර මම දැකල තියෙනවා ..ඒ අතින් බලපුවම හරිම දුකයි. අපේ තාත්තා කියනවා ලංකාවෙත් එහෙම පාරවල් තියෙනවා කියලා. බැලින්නම් එයා කියන්නේ වලවල් හැරිච්ච පාරවල් වැස්සට වතුර පිරුණම සිද්ද වෙන් දේ ගැන. එත් ඉතින් මොන බෝට්ටුද ? කොහොමවුනත් මේ පින්තුර ටික ලස්සනයි. ඉතින් තවත් දවසක හම්බවෙනකම් මම සමු ගන්නම්.
E-mail ඇසුරෙන් - This pictures were received by me as an e-mail. If you are the owner of these pictures and have any copy right issue; please inform us to remove this post.
පාරක් නැති ගමක්මේ මුල් පින්තුර ටික ලස්සන ගමක් ගැන ..ඒ ගමේ පාරවල් මුකුත්ම නැහැලු ..මේ ගම තියෙන්නේ Holland වල . මෙහි මිනිසුන් ගමනට යොදා ගන්නේ බෝට්ටුලු. ඒකත් ඉතින් නරක නැහැ.
මේ පින්තුරත් එක්ක අපේ තාත්තත් මට මතක් කර දුන්නා ලංකාවේ පාරවල් නැති ගම් ගැන. ලී කොටන් පාලන ලෙස දාගත්තු දුප්පත් ගම්වැසියන්ගේ පින්තුර මම දැකල තියෙනවා ..ඒ අතින් බලපුවම හරිම දුකයි. අපේ තාත්තා කියනවා ලංකාවෙත් එහෙම පාරවල් තියෙනවා කියලා. බැලින්නම් එයා කියන්නේ වලවල් හැරිච්ච පාරවල් වැස්සට වතුර පිරුණම සිද්ද වෙන් දේ ගැන. එත් ඉතින් මොන බෝට්ටුද ? කොහොමවුනත් මේ පින්තුර ටික ලස්සනයි. ඉතින් තවත් දවසක හම්බවෙනකම් මම සමු ගන්නම්.
E-mail ඇසුරෙන් - This pictures were received by me as an e-mail. If you are the owner of these pictures and have any copy right issue; please inform us to remove this post.
Subscribe to:
Posts (Atom)