ගොඩාක් කාලෙකට පස්සේ අද ලියනේ. නොලියා ඉන්න හේතුවක් උනේ මම university අධ්‍යාපනය පටන් ගත්ත නිසයි. මගේ university එක තියෙන්නේ ගෙදරට ගොඩාක් ඈතින්. හරියටම 350km විතර අපේ ගෙදර ඉදන් යන්න ඕනා. ඉතින් මම rented apartment එකක පදිංචි උනා. මුලින් මුලින් හරි අමාරුවෙන් සිටියත් (මම ගෙදරින් පිට ඉඳලම නැහැ ) දැන් නම් ටිකක් හුරුයි. ඒවගේම මගේ කෑම වේලත් මමම හදා ගන්න ඕනා. ලංකාවේ කට්ටිය මේ පළාතේ අඩු නිසා සිංහල කෑම තියෙන කඩයක්නම් නැහැ.
ඉතින් දැන් ශ්‍රීත කාලය ආරම්භ වේගෙනයි එන්නේ. අද උෂ්ණත්වය බින්දුවයි (o C ), ගස්වල කොළ පට වෙලා වැටෙන්න අරන්, ඒවගේම ඉකනට කළුවර වැටෙනවා. පසුගිය අවුරුද්දේ එතරම් හිම පතනයක් නොතිබුන නිසා මේ අවුරුද්දේ තදින් හිම පතනයක් තියේවි කියලයි බලාපොරොත්තු වෙන්නේ.
දැන් ටිකක් මම අලුත් ජීවිතයට හුරු නිසා චුට්ටක් ලියන්න පුළුවන් වෙයි. ඉතින් මම ඉස්සරහට ලියන්නම්කො මෙහෙ කාලගුණ විපර්යාස ගැන. කැනඩාවේ මිනිස්සුනම් දවසේ කිහිප පාරක්ම කාලගුණ තත්වය television එකෙන් හරි online හරි චෙක් කරනවා. කාලගුණය වෙනස් වෙන්න ගතවන්නේ ඉතාම සුළු කාලයයි. ඉතින් රසවත් සහ දැනුමට යමක් මම කාලගුණය ගැන ඉක්මනින්ම ලියන්නම්. උෂ්ණත්වය බින්දුවටත් වඩා අඩුවුණාම වෙන මොකක් කරන්නද ? මමනම් කාලගුණයට කවදාවත් දොස් පවරන්නේ නැහැ. හොඳට ඇඳ ගත්තම රින හතලිහක උෂ්ණත්වය උනත් ප්‍රශ්නයක් නෙමේ.
හා , ලංකාව ගැන සහ ලාංකිකයෝ ගැන තොරතුරු කතා කරන වෙබ් අඩවියක් ලඟකදී හම්බ උනා. එය ප්‍රශ්න/ගැටළු සහ උත්තර අඩවියක්. ලාංකිකයකුට හරි වෙනත් ලංකාව ගැන උනන්දුවක් ඇත්තෙකුට හරි කිසියම් ලංකාව ගැන අදාල දෙයක් ඉක්මනින් දැන් ගන්න ඕන නමේ මෙහි ප්‍රශ්න ඇසීමෙන් පිළිතුරක් ලබා ගන්න පුළුවන්. ඒවගේම මේ අඩවියේ දී ඔබේ දැනුම බෙදාගෙන අලුත් මිතුරු කැලක් ගොඩ නගා ගන්නත් ඔබට පුළුවන්.
ඔබට බ්ලොග් අඩවියක් හෝ වෙබ් අඩවියක් තිබේනම් මෙහි උත්තර සැපයීමෙන් බච්ක්ලින්ක්ස් ගොඩ නගා ගැනීමෙන් ඔබේ page ranking ගොඩ නගාගෙන visitors ලා වදිකරගන්නවා වගේම ඔබේ වෙබ් අඩවියට ප්‍රචරනයකුත් මේ වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි බව නොඅනුමනි.ඒවගේම ඔබට පුලුවන්නම් මෙම වෙබ් අඩවිය ගැන ඔබේ බ්ලොග් එකේ ලියන්න , අපි එය ඉතා අගය කොට සලකන්නෙමු.
මේ පහත දැක්වෙන්නේ ඒ වෙබ් අඩවිය සම්බන්ද කරුණු කිහිපයක්.
ලකුණු දීමේ ක්‍රමය.
මෙතනින් ඔයාලට ඒ වෙබ් අඩවියට යන්න පුළුවන්.www.lankahelp.com
වෙබ් පිටුවේ facebook fan page එක:
http://www.facebook.com/pages/lankahelpcom/123863484340715
Showing posts with label ක්ෂණික පුවත්. Show all posts
Showing posts with label ක්ෂණික පුවත්. Show all posts
Saturday, November 13, 2010
Saturday, May 22, 2010
IIFA 2010 - ප්‍රවර්ධන දැන්වීම
ඔයාලා මෙතෙක් නැරබුවේ නැත්නම් මෙන්න IIFA 2010 ප්‍රවර්ධන දැන්වීම. ඔයාල දැනටමත් දන්නවා ඇතිනේ මෙවර IIFA - 2010 සම්මාන උළෙල පවත්වන්නේ ලංකාවේ කියලා. ශ්‍රී ලංකා සංචාරක දෙපාර්තමේන්තුවෙන් නිෂ්පධනය කරන ලද මේ video වේ අමිතභ් බච්චන් මහතා සහ අපේ Jacqueline Fernandez පෙනී සිටිනවා.
IIFA 2010 - ප්‍රවර්ධන දැන්වීම
Subscribe to:
Posts (Atom)


