කැනඩාවේ සිටියත් අපේ ගෙදර නොවරදවා බලන වැඩසටහනක් තියෙනවා ඒ තමයි සිරස සුපර් ස්ටාර්. සෙනසුරාදයි ඉරිදයි සාමාන්‍යෙයන් අපේ ගෙදර ඔක්කොටොම නිවාඩු දවස් දෙකක්. ඉතින් සති අන්තයේ කරන්න ඕන වැඩ ටික ඉවර උනාට පස්සේ සිරස සුපර් ස්ටාර් බලන එක තමයි අපේ අම්මගෙයි තාත්තාගෙයි පුරුද්ද. ඉතින් මටත් නොමිලේම මේ සින්දුවලට ඇහුන් කන් දෙන්න ලැබෙනවා. නිතිපතා මේක නොලැබුවත් මට සම්පුර්ණ සාරාංශයක් අපේ අම්මගෙන් ගන්න පුළුවන්. ඉතින් මම අද මේ ලියන්නේ අපේ අම්මා වෙනුවෙන් පුංචි ඉල්ලීමක් කරන්න.
අපේ ගෙදර ඔක්කොම සිරස සුපර් ස්ටාර් එකේ මේ ගමන ඉන්න ශානිකා මදුමාලිට හරි කැමතියි. අපේ බලාපොරොත්තුව එයා මේ ගමන සිරස සුපර් ස්ටාර් වෙයි කියලයි. එත් ඉතින් අපිට sms යවන්න විදිහක් නැහැනේ. ඉතින් මේ දක්වා අපි පෞද්ගලිකව අපේ නෑයන්ට කිව්වා අපි වෙනුවෙන් ශානිකාට sms එකක් යවන්න කියලා. ඉතින් දැන් මට ලංකාවේ යහළුවෝ ගොඩාක් ඉන්න වෙලාවේ මම ඒ උදව්ව ඔයාලගෙන් ඉල්ලනවා. ඔයාලත් ශානිකාට කැමතිනම් අමතක නොකර එයාට sms එකක් ගහන්න මේ ගමන අවසාන තරගෙදි. මම මුලින් අදිමදි කෙරුවත් මෙහෙම ලිපියක් මගේ බ්ලොග් එකේ ලියන්න ලංකාවේ පත්තරයක ශානිකා ගැන ගියපු article එක කියෙව්වම මට මේක ලියන්න ඕනෑමයි කියලා හිතුනා.
මම ශානිකාගේ දකින විශේෂත්වය තමයි එය එයාගේ දස්කම් දියුණුකරගෙන තියෙන්නේ කොතරම් අඩුපාඩු මතද කියන එක. මෙහෙ ඉපදුන ළමයෙක්ට තියෙන පහසුකම් වලින් ලක්ෂයකින් එකක් ශානිකාට නොතිබෙන්න ඇති. නමුත් ඇය ගැන මගේ තියෙන්නේ පුදුම ආඩම්බරයක්. අපේ තාත්තත් නිතරම කියන්නේ මේ දරුවට හොඳ පහසුකම් ලැබුනානම් කොච්චර හොඳ තැනක ඉදියිද කියලයි.
පින්තුරය ලබා ගත්තේ ලක්බිම රිද්ම අතිරේකයෙන්...
Mystery Diagnosis -- Behcet's Disease, Part 2 of 2
14 years ago
2 comments:
අනිවාර්ය්ය යෙන්, අපිත් චන්දෙ දෙන්නේ එයාට තමයි.
ow apith vote karanney mey punchi kellata
Post a Comment