skip to main | skip to sidebar

සීතල හිම රටේ ...

සීතල හිමරටක ඉඳන් ඉපදුණ පුංචි රට වෙනුවෙන් සටහන් පෙළක් ....

Friday, April 30, 2010

ඔබ සැමට ස්තුතියි !

www.shanya-tv.blogspot.comhttp://www.shanya-tv.blogspot.com

මගේ උපන් දිනයට සුභ පැතූ ඔබ සැමට ස්තුතියි !

වෙන උපන් දින වගේ නෙමේ මේ උපන් දිනයට ඔන්න මම මතක හිටින දෙයක් කළා. අලුත් වෙබ් පිටුවක් නිර්මාණය කළා කියලා. ඉතින් මම පුළුවන් විදියට online Television එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉඩක් ලැබුන විටක බලන්න. හැබැයි සමහර නාලිකා වැඩ කරන්නේ දවසේ සමහරක් වෙලවාදී පමණයි. ගොඩාක් Channels එකතු කරන්නත් බලාපොරොත්තුවක් නැහැ. ලංකාවේ අය කැමති වැඩ කරන Channel කිහිපයක් හොඳටම ඇති වේවි කියලයි හිතෙන්නේ.

Site Link: Shanya TV

ඔබ සැමට ස්තුතියි !SocialTwist Tell-a-Friend
Posted by S.A. at 11:42 PM 0 comments
Labels: පුද්ගලික

Thursday, April 29, 2010

පාරක් නැති ගමක්

අද මට ආයෙත් ලියන්න හිතුනා ...face book එකේ අයියා කෙනෙක් කිව්වා මගේ සිංහල අකුරුවල ගොඩාක් වැරදි තියෙනවා කියලා. ඉතින් හරිම පරෙස්සමෙන් තමයි අද ලියන්නේ. ලියනවට වඩා අද තියෙන්නේ පෙන්නන්න දෙයක්. මට අද e -mail එකක් අවා ලස්සන පින්තුර ටිකක්. ඉතින් මම හිතුව ඒවා ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා. ජීවිත් දිහා සුන්දරව බලන එක මගේ පුරුද්දක් ඉතින් මේ වගේ දෙයක් ලැබුනම එක අනෙත් අයත් එක්ක බෙදා ගන්න එක තමයි මගේ සතුට. අනිත් අතට තමන් කැමති දෙයක් ගැන පහසුවෙන් ලියන්නත් පුළුවන්නේ.මේ පින්තුර ගොන්නට තව පින්තුර තිබුනා. ඉතිරි ටික පස්සේ දවසක බෙදාගන්නම්.
මේ මුල් පින්තුර ටික ලස්සන ගමක් ගැන ..ඒ ගමේ පාරවල් මුකුත්ම නැහැලු ..මේ ගම තියෙන්නේ Holland වල . මෙහි මිනිසුන් ගමනට යොදා ගන්නේ බෝට්ටුලු. ඒකත් ඉතින් නරක නැහැ.

මේ පින්තුරත් එක්ක අපේ තාත්තත් මට මතක් කර දුන්නා ලංකාවේ පාරවල් නැති ගම් ගැන. ලී කොටන් පාලන ලෙස දාගත්තු දුප්පත් ගම්වැසියන්ගේ පින්තුර මම දැකල තියෙනවා ..ඒ අතින් බලපුවම හරිම දුකයි. අපේ තාත්තා කියනවා ලංකාවෙත් එහෙම පාරවල් තියෙනවා කියලා. බැලින්නම් එයා කියන්නේ වලවල් හැරිච්ච පාරවල් වැස්සට වතුර පිරුණම සිද්ද වෙන් දේ ගැන. එත් ඉතින් මොන බෝට්ටුද ? කොහොමවුනත් මේ පින්තුර ටික ලස්සනයි. ඉතින් තවත් දවසක හම්බවෙනකම් මම සමු ගන්නම්.

E-mail ඇසුරෙන් - This pictures were received by me as an e-mail. If you are the owner of these pictures and have any copy right issue; please inform us to remove this post.










පාරක් නැති ගමක්SocialTwist Tell-a-Friend
Posted by S.A. at 12:44 PM 0 comments
Labels: පින්තුර කතා

Wednesday, April 28, 2010

Sky Sports News


මගේ බ්ලොග් පිටුවට මේ වගේ දේවල් කිහිපයකුත් එක් කලොත් හොඳයි කියලා හිතුවා. එතකොට බ්ලොග් පිටුව පාලුවට යන එකක් නැහැ . හැබැයි ඉතින් මේක දිගටම වැඩ කරයිද දන්නේ නැහැ.
Sky Sports NewsSocialTwist Tell-a-Friend
Posted by S.A. at 9:27 PM 0 comments
Labels: සජීවී විකාශන

Thursday, April 22, 2010

අමුතු අලුත් සින්දු දෙකක් - Dr. ගේෂාන් කළුපහන

අද මගේ අයියා කෙනෙක් අමුතුම සිංහල ගීත දෙකක් එවලා තිබුනා. ඉතින් මමත් ඒ ගීත දෙකේ අමුත් රසයක් දැක්ක නිසා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. මට ගොඩාක් සින්දුවේ අර්ථය නොතේරුණත් මම අමුත් වෙනසක් මේ සින්දුවේ දැක්කා. සංගීතය විශ්ව භාෂාවක්ලුනේ, නේද? ඔයාලට මේ ගීත ගැන හැඟෙන දේවල් දැනගන්නත් මම කැමතියි. ඉතින් ඉඩක් ලැබුනොත් ඔබේ අදහසුත් පල කරන්න.

ස්වර්ණ ප්‍රේමි සන්ද්‍යා සෝබනා

Lyrics by Geshan Kalupahana
Melody compiled by Geshan Kalupahana based on a theme by Verdi and Sinhala folk melodies
Music by Diliup Gabadamudalige
Vocals: Kumudini David (landa), Kapila Poogalarachchi (poteguru), Geshan Kalupahana (bamuna)

Acted by students of the Faculty of Medicine, University of Colombo
Clip by Chandrakumara Perera



ලැදී මන බඳනා
Ladi Mana Bandna - Geshan Kalupahana

Melody by Geshan Kalupahana
Lyrics by Geshan Kalupahana featuring a Sigiriya graffito
Music by Diliup Gabadamudalige
Vocals: Geshan Kalupahana
Chorus: Kapila Poogalarachchi and Kumudini David



මේකනම් අමුතුම අමුතුයි....

අමුතු අලුත් සින්දු දෙකක් - Dr. ගේෂාන් කළුපහනSocialTwist Tell-a-Friend
Posted by S.A. at 4:57 PM 1 comments
Labels: ගී පෙළ

Wednesday, April 21, 2010

කිම් කදාසියන් (Kim Kardashian) කොලපාට ඇඳුමින්

කිම් කදාසියන් ගේ ලස්සන පින්තුර ටිකක් ලැබුණා...ඉතින් මම හිතුවා ඒවා ටික මගේ බ්ලොග් එකට එකතුකරන්න. පින්තුර ටික අරගෙන තියෙන්නේ නිව්යෝර්ක් නුවර ABC ස්ටුඩියෝ එකේදී ...මේ කොලපාට ගවුමට ඇය හරි හැඩයි කියලයි මට හිතෙන්නේ. ඔයාලා හිතන්නේ කොහොමද ?






කිම් කදාසියන් (Kim Kardashian) කොලපාට ඇඳුමින්SocialTwist Tell-a-Friend
Posted by S.A. at 5:57 AM 4 comments
Labels: කෙල්ලන්ගේ පින්තුර

Monday, April 19, 2010

මා සිත් ගත් පෙම් ගී

 අද දවසේ මට හිතුන ලස්සන අදර ගීත පෙළක් ඔයාල වගෙය් ලස්‌සන අය එක්ක බෙදා ගන්න මට හිතුනා.
හැබැයි මතක් කරලා "ප්ලේයර්"එකේ වමෙන් තියෙන "වීඩියෝ" කියන ලකුණ ඔබන්න සමහර ලස්‌සන "වීඩියෝ" බලන්න. ඔයාලගේ අදහස් මට කියන්න බ්ලොග් එකේ.
  1. අනාත මාරුතේ - රූකාන්ත ගුණතිලක
  2. සුවද දැනී දැනී - රූකාන්ත ගුණතිලක
  3. මා ළඟටම තව ලංවෙලා - ඩබ්ලියු ඩී ආරියසිංහ
  4. ඔබට තියෙන ආදරේ - රොෂාන් ප්‍රනාන්දු
  5. තව එක සැරයක් - රොෂාන් ප්‍රනාන්දු
  6. වියෝවූ පසුවයි - සුනිල් එදිරිසිංහ
  7. සිතින් මා නොසැලී - ටී එම් ජයරත්න
  8. සොදුරු අතීතයේ - ටී එම් ජයරත්න
  9. තරු අත් අකුරින් - වික්ටර් රත්නායක
  10. පිපුණු මලක - ශාලිත අබේවික්‍රම
  11. ඇස රැදුන රැදුන තැන් වල - ජේ ආර් මිල්ටන් පෙරේරා



MusicPlaylistRingtones 
Create a MySpace Music Playlist at MixPod.com
මා සිත් ගත් පෙම් ගීSocialTwist Tell-a-Friend
Posted by S.A. at 8:36 PM 0 comments
Labels: ගී පෙළ

ආදරය කියන්නේ මොකක්ද ඇත්තටම?

මගේ යාළුවෙක්ගෙ අත්දැකීමක් මම මෙහි සටහන් කරන්නේ. පුදුමයි!

ආදරය කියන්නේ මොකක්ද ඇත්තටම?


ඔයාට ආදරේ කරන කොට මම හිතුවේ ලෝකය කෝච්චර සුන්දරද කියල
එත් එක සදාතනික ආදරයක් නොවන වග තේරුනේ අපි ජීවිත දෙකක් වෙලා දුර ඈතක වෙනම කෙනෙකුට ආදරය කරමින් පවුල් උනාම. ඔය කියන නොනිමෙන ආදරයක් ලබන්න අතම ගණනාවක බැදීමක් තියෙන්න ඕනේ දෙන්නෙක් අතර කියල මට තේරුනේ වයසින් මුහුකුරා ගිහිල්ල ගොඩක් දේවල් වලට තෙරපිලා පොඩිවෙලා දුක්විදල ඒ අතරේ පොඩ්ඩක් හිනාවෙලා ජීවිතය අරගෙන යනකොට. මම එවැනි නොදිබෙන සංසර ආදරයක් ලබන්න වාසනාව නැති උනත්, මම ප්‍රාර්ථනා කරනවා මගේ හිතින් මකල දාපු ඔයා වගේ අත්මාර්ථකාමී ආදරවන්තයෝ කියන උදවිය, නොමියන ආදරයක් කාගෙන් හරි ලබල සන්තෝසෙන් ඉදි කියල.

ඒක කවද හරි දවසක ඇත්තට ආදරය කරපු ඒ වගේම ඇත්තටම හිතින් කරුණාවෙන් මකා දමපු ආදර හදක පැතුමක්. දැන් ආදරය එදා වගෙය් බොලද නැති එකක්. ඒක "කම්ප්‍රම්යිස්" ආදරයක් ඒ වගේම මට හිත්තෙන්නේ සැබෑ පරිනත ආදරයක්, පුහු ආදරයක් නෙමේ. පුහු ආදරේ කරුණු හොයනවා වෙන් වෙන්න, හැබයි පරිනත ආදරය ගොඩ නැගුනේ දෙදෙනෙකු සැමියයි බිරිදයි වෙලා කම් කටොලු සිනහ මැද සඳු දබර මැද පොඩි කුඩුවක් ගෝඩනගන්න හදනකොට. එක අපි යාලු වෙලා ඉදපු කාලෙය් වගේ සිනමා සිහිනයක් නම් නෙමේ. ගොඩක් වෙලාවට ලොකු සටනක් ආදරය දයාව කරුණාව තියා ගන්න. ලොකු කැප කිරීමක්.

ඉතින් මට කවද හරි සංසාරේ මා වෙනුවෙන් ජීවිතය ප්‍රාර්ථනා කරන කෙනෙක් හම්බ වෙන්න කියල මගේ යටි හිත කියනවා. එක ඔය උනත් කුරු උනත් කමක් නැහැ, මොකද දන්නවද මට ඕනේ සදාතන්ක සාංසාරික ආදරයන්තයෙක්. නිකම්ම නිකන් මම ඔයාට ආදරේ මම ඔයා වෙනුවෙන් කැප කරා කියන මනුස්සයෙක් නෙමේ.

මගෙය් හටද මටත් වැඩ ආදරය කරන, මා වෙනුවෙන් සංසාරයේ දුර ගමනක් ආව කෙනෙක් කව හරි ඉදිවී නේද? එතකොට ඔයා වගෙය් හිත රිද්දන පුහු රූපයන් බොදවෙලා මැකිලා ගියාට කමක් නැහැ.

"මම ආදරය දකින්නේ, මට ආදරය කරන, මගේ හදට ආදරය කරන, මමත් ආදරය කරන අදරේකට."
ආදරය කියන්නේ මොකක්ද ඇත්තටම?SocialTwist Tell-a-Friend
Posted by S.A. at 7:59 PM 1 comments
Labels: ආදරය

Sunday, April 18, 2010

සුනිල් එදිරිසිංහ ගී පෙළ (ගීත 14)

මගේ ප්‍රියතම සිංහල ගායකයා තමයි සුනිල් එදිරිසිංහ මහතා ...ඉතින් මගේ ගී එකතුව එතුමාගේ ගීත කිහිපයක්. මම පුරුදු වෙලා ඉන්නේ මේ සින්දු ටික සතියකට වරක්වත් අහන්න. 
මෙතන තියෙන ගීත:
1. හදේ කොතැනක හෝ ඉදියි ඔබ ...
2. දෙවැනි   බුදුන් ලෙස ...
3. මල්ලියේ නරක ...    
4. කවුරුන්ද ඔබ මගේ ...
5. සදා කාලික නොවූ ලෝකේ ...
6. රන් සමනලයෝ ...
7. නුඹේ හිතට ...            
8. ලෙන්චිනා මගේ නංගියේ ...
9. වියොවූ පසුවයි ...   
10. සොයා පිරිසරණක් ...
11. හදන පනලල...
12. පාරු පාලමෙන්
13. පටු අදහස්
14. මා ඉතින් යන්න යනවා ...

මේ ගීතවල රූප පෙළ බලන්න VIDEO මත click කරන්න ...






MusicPlaylistRingtones
Create a playlist at MixPod.com
සුනිල් එදිරිසිංහ ගී පෙළ (ගීත 14)SocialTwist Tell-a-Friend
Posted by S.A. at 11:21 PM 1 comments
Labels: ගී පෙළ

Tuesday, April 13, 2010

එයාගේ ආදරය

මට මතකයි ඔයයි මමයි කෙහෙදෝ ගමනක් යද්දී ...
මොනවදෝ එකකට ඔයා කිව්වා "ගැහැණු ඔහොම තමා කියලා"
ඔන්න ඉතින් වාදය පටන් ගත්ත අපිදෙන්නගේ .....
"එතොකට ඔයාගේ අම්ම ගැහැණියෙක් නෙමේද? මම ගැහැණියෙක්  නෙමේද?"...
කා අතරත් වගේ කොච්චර ආදරෙන් හිටියත් අපිදෙන්නත් ඉතින් පොඩි දේවල් වලට වාද වෙනවා.
එත් ඉතින් ඒවා දුර දිග යන්නේ නැහැ ....
මම කියන්නන් වාලේ  කිව්වට එයා අපහාසයක් කරන්න අදහස් කරේ නැහැ ...
එත් එයාට දුක හිතුනා කියලා මට දැනුනා ........
චුට්ටක් වෙලවකින්ග් එයා කටහඩ අවදි කළා..
"කවදාවත් මට අම්මව ගැහැණියෙක් විදියට හිතිලා නැහැ ......
අම්ම කියන්නේ ගැහැණියෙකුත් නෙමෙයි, පිරිමියකුත් නෙමෙයි කියන හැගීමක් තමයි මට තිබුනේ .......
අම්ම කියන්නේ වෙනමම විශේෂ කෙනෙක් අපේ ජීවිතයේ ....
ඒවගේම තමා ඔයා.....
ඔයා ගැහැනියක්වත් පිරිමියෙක්වත් නෙමෙයි ...
ඔයා අම්මා වගේම මගේ ජීවිතයේ විශේෂ කෙනෙක් ......."
එහෙම කියනකොට එයා මට කොච්චර ආදරේද කියල මට හිතුනා ....
එයාගේ ආදරයSocialTwist Tell-a-Friend
Posted by S.A. at 11:44 AM 1 comments
Labels: ආදරය

ආද‍ර කතාවක්!

කාලෙකට පස්සේ හම්බුනා පෙම් යුවලක් ....
කෙල්ල කොල්ලගෙන් අහනවා "ඔයා හිතන්නේ මම ලස්සනයි කියලද?"
කෙල්ල ලස්සන උනත් කොල්ල කියනවා "නැහැ"  ...
අයෙත් කෙල්ල අහනවා "ඔයාට මාත් එක්ක හැමදාමත් ඉන්න ඕන කියල හිතෙනවද?"  කියලා......
කොල්ලගේ උත්තරේ අයෙත් "නැහැ" කියල .......
දුකෙන් උනත් කෙල්ල අහනවා..."මම ඔයාව දාල  ගියොත් ඔයා අඩනවද කියලා" ...
කොල්ලගේ උත්තරේ වෙනසක් නැහැ .......
කෙල්ලගේ ඇස් දෙකේ කඳුළු පිරුණා.....මුළු ලෝකෙම තමන්ගේ දෙපතුල ළඟ කඩාවැටුන ගානට ....
කෙල්ල හැරුනේ නොපෙනෙන අතකට දුවගෙන යන්න ....
එතොකටම  ඇගේ අතින් අල්ල ගත්ත කොල්ල කියනවා ....කඳුළු පිරුණු ඇස්දෙකට බර වෙලා ....
අත් දෙක පපුවට තුරුළු කරගෙන......
"ඔයා ලස්සන නැහැ; ඔයා හරිම සුන්දරයි!"....
"මට ඔයත් එක්ක හැමදාම ඉන්න ඕන නැහැ, මම පෙරුම් පුරන්නේ ඔයතෙක්ක සදහටම ජීවත්වෙන්න"..
" ඔයා මව දාලා ගියොත් මම අඩන්නේ නැහැ , මාව මැරෙයි!"......
ආද‍ර කතාවක්!SocialTwist Tell-a-Friend
Posted by S.A. at 10:43 AM 2 comments
Labels: ආදරය
Newer Posts » Home
Subscribe to: Posts (Atom)

Sinhala Fonts

If you can not read this website please install sinhala fonts to your computer.
Get Sinhala fonts - Click here

Labels

  • ආදරය (5)
  • කෙල්ලන්ගේ පින්තුර (3)
  • ක්‍රීඩා (1)
  • ක්ෂණික පුවත් (2)
  • ගී පෙළ (3)
  • පින්තුර කතා (7)
  • පුද්ගලික (2)
  • රස මුසු දේ (2)
  • රූප දසුන් (3)
  • සජීවී විකාශන (1)

Blog Archive

  • ▼  2010 (28)
    • ►  November (1)
    • ►  July (2)
    • ►  May (15)
    • ▼  April (10)
      • ඔබ සැමට ස්තුතියි !
      • පාරක් නැති ගමක්
      • Sky Sports News
      • අමුතු අලුත් සින්දු දෙකක් - Dr. ගේෂාන් කළුපහන
      • කිම් කදාසියන් (Kim Kardashian) කොලපාට ඇඳුමින්
      • මා සිත් ගත් පෙම් ගී
      • ආදරය කියන්නේ මොකක්ද ඇත්තටම?
      • සුනිල් එදිරිසිංහ ගී පෙළ (ගීත 14)
      • එයාගේ ආදරය
      • ආද‍ර කතාවක්!

මගේ (ශාන්‍යයා) ගැන චුට්ටක් ....

මම ලංකාවේ ඉපිදිලා අවුරුදු කිහිපයකට කලින් පිටරටක පදිංචියට අවේ මීට අවුරුදු කීපයකට ඉස්සෙලයි .....පොඩිකාලේ ඉදලම සිංහලෙන් ඉගෙනගත්ත මට මෙහෙදී වෙනස් ලෝකයක ජීවත් වෙන්න වෙලා ..ඉතින් මම හිතුව ලංකාවේ අය එක්ක යහළුකම තියාගන්න පෙස් බුක් පිටුවක් සිංහලෙන් පවත්වාගෙන යන්න. ඒකේ පසු ප්‍රතිපලයක් තමයි මේ බ්ලොග් පිටුව .. ....ලංකාවේ යහළුවන්ට මම ආරාධනා කරනවා මගේ මේ බ්ලොග් එකට සම්බන්ද වෙන්න. මට මුලිකවම මගේ සිංහල ලියන කියන හැකියාව පවත්වාගෙන යන්න ඕන. මම ලියන අදහස් වල ව්‍යාකරණ අඩුපාඩු ඇත්නම් සමා වෙන්න. මම හිතන්නේ ඔයාල මගේ උත්සාහයට උදව් කරයි කියලයි...

lankeeya sithuwili

මේ වෙබ් අඩවිත් බලන්න...

  • lankahelp.com
    Guide to Buying a Darbuka and Learning to Play it.
    2 years ago
  • Medical Mysteries
    Mystery Diagnosis -- Behcet's Disease, Part 2 of 2
    14 years ago
  • Shanya TV
    WWF/WWE
    15 years ago
  • lovers lane
    Hangumbari - හැන්ගුම්බරි By Amila and Irosha
    15 years ago
  • Funny Videos

Followers

free counters
Follow this blog
Powered by Blogger.
 
Copyright © සීතල හිම රටේ .... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio
Downloaded from free website templates