skip to main | skip to sidebar

සීතල හිම රටේ ...

සීතල හිමරටක ඉඳන් ඉපදුණ පුංචි රට වෙනුවෙන් සටහන් පෙළක් ....

Sunday, May 2, 2010

ඔබ ඇපල් මලක් වාගේ - ඇපල් මලක පින්තුරයක් ...

ඔබ ඇපල් මලක් වාගේ කියන ලස්සන සිංහල සින්දුව මම අහන්න පටන් ගත්තේ මම කැනඩාවට ආවාට පස්සෙයි ....(පොඩි කාලේ කනට වැටෙන්න ඇති නමුත් ගේ තමයි ලංකාවේ kenමතකයක් නැහැනේ ..). ඉතින් පළමු පාරට මේ සින්දුවේ වචන ගැන තේරෙනකොට මම ඇපල් මලක් දැකලා තිබුනා.
එත් ඉතින් අද මේ ලියන්නේ කෙලින්ම ඒ සින්දුව ගැන නෙමෙයි ....
දැන් කැනඩාවේ වසන්ත කාලය(Spring) උදා වෙලයි තියෙන්නේ ...අපේ ගෙදරත් දැන් හරි හරියට මල් වවන්න සහ එළවලු වවන්න පටන් අරගෙන . ඉතින් අද ඉරිදා අපි ගියා පල විකුණන තැනකට. මෙහෙ ඉතින් මේ කාලයට හැම ලොකු කඩයකම මල් පැල සහ පොහොර විකුනන්න දානවා ..ඉතින් මට පුළුවන් උනා ඔයාල වෙනුවෙන් ලස්සන පින්තුර ටිකක් ගන්න, ඉතින් මම ඇපල් මලක් වගී සින්දුවත් එක්ක මේ පින්තුර ටික පලකරන්නම්. නොවරදවාම  මම තව මෙහෙ වසන්ත කාලයේ සුන්දරත්වය රැගත් පින්තුර ගොන්නක් එකතු කරනවා.
මතක තියාගන්නේ වසන්ත කාලයෙන් පස්සේ එන්නේ ගිම්හානය(Summer) . ඉතින් මේ කාලය අපි ගොඩාක් ඇවිදින්න යන කාලය. නොවරදවාම මම ලස්සන පින්තුර ටිකක් ඔයාල වෙනුවෙන් ගන්නවා ..
තව එක දෙයක් ලියන්න අමතක උනා. මේ පින්තුරයේ තියෙන ඇපල් පලයේ එක එක අතු බද්ද කරලයි තියෙන්නේ . ඉතින් ඒ අතුවලින් ලැබෙන ගෙඩිත් වෙනස් වෙනවා. ඔයාලට දැනගන්න ඕන නම් මේකේ මිල වුනේ 35 Canadian Dollar. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් තුන් දහස් පන්සියයකට කිට්ටුව. හැබැයි මෙහෙ අයගේ පඩියත් එක්ක බලාලා සංසන්දනය කලොත් ඒක රුපියල් තුන්සිය පනහක් වගේ තමයි මෙහෙ කෙනෙකුට දැනෙන්නේ ...
ඉතින් මේ ගැන ඔයාලට මුකුත් කියන්න තියෙනවානම් comment එකක් දාන්න . සියලු සිංහල වැරදි සහ ව්‍යාකරණ වැරදි පෙන්වා දෙන්න. ඒවගේම මගේ TV වෙබ් පිටුව බලන්නත් අමතක කරන්න එපා.

ඉතින් මම කලින් කිව්වා වාගේ මේ තමයි මේ ඇපල් පැලයේ එක් එක් අතුවල තියෙන ඇපල් ප්‍රබේදය නම් කරලා තිබුන හැටි ...

ඉතින් කියන්න ඇපල් මල ඔය තරම්ම ලස්සනද කියලා. හැබැයි මම හිතන්නේ ගීතය ලියු කැලුම් ශ්‍රීමාල් මහතාට තියෙන්න ඇත්තේ  වෙනමම අදහසක් ....

හැබැයි මටනම් ඇපල් මල ලස්සනයි ..එහි කියන්න තරම් සුවදක් නැතිවුනත් සුදුපාටටයි එහි  තියෙන හුරුබුහුටි කමටයි මම ආසයි ...මතක තියාගන්න මමත් ඇපල් මල වාගෙයි .....

දැන් ඉතින් සින්දුව පොඩ්ඩක් ඇහුවොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද ...මෙන්න මම ඒක මෙතනටම ගෙනත් දැම්මා...

ඔබ ඇපල් මලක් වාගේ - ඇපල් මලක පින්තුරයක් ...SocialTwist Tell-a-Friend
Posted by S.A. at 10:35 AM
Labels: පින්තුර කතා

2 comments:

Praසන්ன said...

ඇපල් මලත් ඒ තරම්ම නරක නෑ.

May 2, 2010 at 8:47 PM
kumaraya said...

මමත් ඇපල් මල් වලට වගේම ගෙඩි වලටත් ආසායි. පැළයක් හදාගන්න බොහොම උත්සාහ කළා. මං හිතන්නෙ කොළඹ හරියන්නෙ නැතුව ඇති.

May 2, 2010 at 9:18 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

Sinhala Fonts

If you can not read this website please install sinhala fonts to your computer.
Get Sinhala fonts - Click here

Labels

  • ආදරය (5)
  • කෙල්ලන්ගේ පින්තුර (3)
  • ක්‍රීඩා (1)
  • ක්ෂණික පුවත් (2)
  • ගී පෙළ (3)
  • පින්තුර කතා (7)
  • පුද්ගලික (2)
  • රස මුසු දේ (2)
  • රූප දසුන් (3)
  • සජීවී විකාශන (1)

Blog Archive

  • ▼  2010 (28)
    • ►  November (1)
    • ►  July (2)
    • ▼  May (15)
      • සම්ප්‍රදායික ඕප දුපයක් - අජන්ත මෙන්ඩිස්
      • IIFA 2010 - ප්‍රවර්ධන දැන්වීම
      • මේ මොකක්ද මේ අහන්නේ !
      • කන්‍යාභාවය නැති වීමේ වයස
      • සිදත් වෙත්තමුණි
      • අලුත් දෙයක් ..
      • ලංකාව සහ උපත් පාලන කොපු ...
      • ලක්ෂ්මි රායි සහ Good Widgets
      • ගතික ආදරය
      • ලස්සන පින්තුර ටිකක් ..
      • දරිද්‍රතාවය
      • සුසානා මුකර්ජි
      • පාට පාට මල් සහ වසන්ත කාලය ...
      • ඔබ ඇපල් මලක් වාගේ - ඇපල් මලක පින්තුරයක් ...
      • සිරස සුපර් ස්ටාර් 2010
    • ►  April (10)

මගේ (ශාන්‍යයා) ගැන චුට්ටක් ....

මම ලංකාවේ ඉපිදිලා අවුරුදු කිහිපයකට කලින් පිටරටක පදිංචියට අවේ මීට අවුරුදු කීපයකට ඉස්සෙලයි .....පොඩිකාලේ ඉදලම සිංහලෙන් ඉගෙනගත්ත මට මෙහෙදී වෙනස් ලෝකයක ජීවත් වෙන්න වෙලා ..ඉතින් මම හිතුව ලංකාවේ අය එක්ක යහළුකම තියාගන්න පෙස් බුක් පිටුවක් සිංහලෙන් පවත්වාගෙන යන්න. ඒකේ පසු ප්‍රතිපලයක් තමයි මේ බ්ලොග් පිටුව .. ....ලංකාවේ යහළුවන්ට මම ආරාධනා කරනවා මගේ මේ බ්ලොග් එකට සම්බන්ද වෙන්න. මට මුලිකවම මගේ සිංහල ලියන කියන හැකියාව පවත්වාගෙන යන්න ඕන. මම ලියන අදහස් වල ව්‍යාකරණ අඩුපාඩු ඇත්නම් සමා වෙන්න. මම හිතන්නේ ඔයාල මගේ උත්සාහයට උදව් කරයි කියලයි...

lankeeya sithuwili

මේ වෙබ් අඩවිත් බලන්න...

  • lankahelp.com
    Guide to Buying a Darbuka and Learning to Play it.
    2 years ago
  • Medical Mysteries
    Mystery Diagnosis -- Behcet's Disease, Part 2 of 2
    14 years ago
  • Shanya TV
    WWF/WWE
    15 years ago
  • lovers lane
    Hangumbari - හැන්ගුම්බරි By Amila and Irosha
    15 years ago
  • Funny Videos

Followers

free counters
Follow this blog
Powered by Blogger.
 
Copyright © සීතල හිම රටේ .... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio
Downloaded from free website templates