skip to main | skip to sidebar

සීතල හිම රටේ ...

සීතල හිමරටක ඉඳන් ඉපදුණ පුංචි රට වෙනුවෙන් සටහන් පෙළක් ....

Monday, May 10, 2010

ගතික ආදරය

ආදරය කියන්නේ කුමක්ද කියන එක අපි කවුරුත් ජීවිතයේ කුමන මොහොතක හරි චුට්ටක් හිතල බලපු දෙයක් තමයි. එත් ඉතින් කාටවත් ඒ ගැන යම් වැටහීමක් තියෙනවයි කියලානම් මට හිතෙන්නේ නැහැ. කවුරුහරි යම් මොහොතක යම් වැටහීමක් ලැබුවානම් එය සැනකින් වෙනස් වෙලා අලුත්ම විදියකට ඒ ගැන ක්ෂණයකින් හිතන්න පටන් ගන්නවා. මගේ තේරීමේ හැටියට මේ ආදරය කියන්නේ හරිම dynamic දෙයක්. ඒකියන්නේ යම් ගතික භාවයක් නිතරම තියෙනවා. එත් ආදරේ කරද්දී මිනිසුන් බොහෝවිට යොදාගන්න වචන හෝ වාක්‍ය කිහිපයක් අරන් බැලුවහම, මාගේ තර්කයට හෝ වැටහීමට සම්පුර්ණයෙන් වෙනස්වූ අදහසක් තමයි එන්නේ. මම ඔයාට හැමදාමත් ආදරෙයි, මම ඔයාගේ සදාදර සුදු, සංසාරේ හැමදාමත් ඔයා ලඟින්ම මම ඉන්නවා, මම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ රත්තරන්, මගේ ආදරය ඉර හඳ වගේ, ඔය වාගේ දහසකුත් වචන අපි පාවිච්චි කරනවා. එත් හිතල බලන්න ඔයාලගේ හිතේ ඇතිවෙන අදර හැන්ගීම් විටින් විට වෙනස් වෙන්නේ නැද්ද කියලා. අඩුම තරමින් ඔය සදාතනික ආදරය පුංචි අඩු වැඩිවීම් වලට ලක් වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් පොඩ්ඩක් සරාගික හැන්ගීම් වලට ඉඩදුන් වෙලාවට තියෙන ආදරයත්, පන්සලේදී මල් පුජා කරන කොට එයා ඔයා දිහා හොරෙන් බලනකොට ආදරයෙන් හිත බරවුණු හැටිත් සමානද? මටනම් හිතෙන්නේ ජීව විධ්‍යත්මකව පවා ලොකු වෙනසක් ඔය අවස්ථා දෙකේ අපේ ඇඟ ඇතුලේ ඇතිවෙනවා. උදාහරණයක් විදියට අවයව වලට රුධිර සැපයුමත් මේ අවස්ථා දෙකේදී වෙනස්. මොකද අපි නොදන්නවා උනාට අපේ ශරීරය දන්නවා අප තුල මේ පහල වෙච්ච ආදරයේ වෙනස් කම්. ඉතින් මම හිතන්නේ මේ ආදරය කියන්නේ හරිම වෙනස් වීම් වලට භාජනය වෙන දෙයක් කියලයි. එත් හිතින් ආදරය ගැන මගේ මේ තියෙන හැන්ගීම්, විශ්වාසය යම් දවසක් වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් එදාට බැරියයි ඒ ගැන බ්ලොග් එකේ ලියන්න.
ගතික ආදරයSocialTwist Tell-a-Friend
Posted by S.A. at 7:09 AM
Labels: ආදරය

3 comments:

kumaraya said...

නියමෙටම ලියල තියෙනවා.. අරක තමා හොඳම කියුම.. '' අවයව වලට රුධිර සැපයීමත් ඒ අවස්ථා දෙක අනුව වෙනස් '' හී .හී . මරු කතාව... මටනම් හැබැයි ඒ අවස්ථා දෙකම තේරුම් ගැනීමට හැකිවුණේ නෑ. රුධිරය සැපයුනේ නරක විදිහටමයි... සමහර විට මම කෙල්ලො ගැන කාමුක විදිහට විතරක් බලපු නිසා වෙන්න ඇති.

May 10, 2010 at 10:32 AM
dulani said...

ආදරය ගතික දෙයක් කියන ඔයාගෙ අදහසට මමත් එකඟයි. අවස්ථාව අත්දැකීම අනුව ආදරය වෙනස් වෙනවා.සරලව ඉදිරිපත් කර ඇති මේ සටහන ලස්සනයි.

May 18, 2010 at 1:08 AM
Anonymous said...

ලස්සන නම තමයි එත මේක ලියල තියෙන්නේ ඔයා ආදරේ ප්‍රතික්ෂේප කරන චේතනාවෙන් නේද? මේක අදාල වෙන්නේ කොල්ලොන් ටම විතරක් ද? මේ එන විදියට ඔය කියන්නේ මේලෝකේ කව්රුවත් ඇත්තටම කාටවත් ආදරේ කරලා නැ එහෙම නේද? , ආදරේ කියන්නේ කාමුක හැගීමක් නැතිදෙයක් නෙවෙයි , අරහත් පලයට පත් නොවූ ඕනෑම කෙනෙක් තුල මේක පහලවෙන්න පුළුවන් , සමාජය ගැන වපර ඇසින් බලල ලියනවට වඩා , කියවන කෙනාගේ ඇත්ත ජිවිතේ තියන වැරදි හදාගන්න දෙයක් ලිව්වනම් වටිනවා , මේ ලිපියෙන් වෙන්නේ ආදරේ කරන අයගේ හිත් තුලට තම ප්‍රේමීයා කෙරෙහි සැකයක් ඇතිකිරීම නෙවෙයි ද?...


......
මේක කියවලා දුක වෙන එකෙක් ...
කොමෙන්ටුව ගැන සමාවන්න .

June 11, 2011 at 9:50 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

Sinhala Fonts

If you can not read this website please install sinhala fonts to your computer.
Get Sinhala fonts - Click here

Labels

  • ආදරය (5)
  • කෙල්ලන්ගේ පින්තුර (3)
  • ක්‍රීඩා (1)
  • ක්ෂණික පුවත් (2)
  • ගී පෙළ (3)
  • පින්තුර කතා (7)
  • පුද්ගලික (2)
  • රස මුසු දේ (2)
  • රූප දසුන් (3)
  • සජීවී විකාශන (1)

Blog Archive

  • ▼  2010 (28)
    • ►  November (1)
    • ►  July (2)
    • ▼  May (15)
      • සම්ප්‍රදායික ඕප දුපයක් - අජන්ත මෙන්ඩිස්
      • IIFA 2010 - ප්‍රවර්ධන දැන්වීම
      • මේ මොකක්ද මේ අහන්නේ !
      • කන්‍යාභාවය නැති වීමේ වයස
      • සිදත් වෙත්තමුණි
      • අලුත් දෙයක් ..
      • ලංකාව සහ උපත් පාලන කොපු ...
      • ලක්ෂ්මි රායි සහ Good Widgets
      • ගතික ආදරය
      • ලස්සන පින්තුර ටිකක් ..
      • දරිද්‍රතාවය
      • සුසානා මුකර්ජි
      • පාට පාට මල් සහ වසන්ත කාලය ...
      • ඔබ ඇපල් මලක් වාගේ - ඇපල් මලක පින්තුරයක් ...
      • සිරස සුපර් ස්ටාර් 2010
    • ►  April (10)

මගේ (ශාන්‍යයා) ගැන චුට්ටක් ....

මම ලංකාවේ ඉපිදිලා අවුරුදු කිහිපයකට කලින් පිටරටක පදිංචියට අවේ මීට අවුරුදු කීපයකට ඉස්සෙලයි .....පොඩිකාලේ ඉදලම සිංහලෙන් ඉගෙනගත්ත මට මෙහෙදී වෙනස් ලෝකයක ජීවත් වෙන්න වෙලා ..ඉතින් මම හිතුව ලංකාවේ අය එක්ක යහළුකම තියාගන්න පෙස් බුක් පිටුවක් සිංහලෙන් පවත්වාගෙන යන්න. ඒකේ පසු ප්‍රතිපලයක් තමයි මේ බ්ලොග් පිටුව .. ....ලංකාවේ යහළුවන්ට මම ආරාධනා කරනවා මගේ මේ බ්ලොග් එකට සම්බන්ද වෙන්න. මට මුලිකවම මගේ සිංහල ලියන කියන හැකියාව පවත්වාගෙන යන්න ඕන. මම ලියන අදහස් වල ව්‍යාකරණ අඩුපාඩු ඇත්නම් සමා වෙන්න. මම හිතන්නේ ඔයාල මගේ උත්සාහයට උදව් කරයි කියලයි...

lankeeya sithuwili

මේ වෙබ් අඩවිත් බලන්න...

  • lankahelp.com
    Guide to Buying a Darbuka and Learning to Play it.
    2 years ago
  • Medical Mysteries
    Mystery Diagnosis -- Behcet's Disease, Part 2 of 2
    14 years ago
  • Shanya TV
    WWF/WWE
    15 years ago
  • lovers lane
    Hangumbari - හැන්ගුම්බරි By Amila and Irosha
    15 years ago
  • Funny Videos

Followers

free counters
Follow this blog
Powered by Blogger.
 
Copyright © සීතල හිම රටේ .... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio
Downloaded from free website templates