skip to main | skip to sidebar

සීතල හිම රටේ ...

සීතල හිමරටක ඉඳන් ඉපදුණ පුංචි රට වෙනුවෙන් සටහන් පෙළක් ....

Wednesday, May 19, 2010

කන්‍යාභාවය නැති වීමේ වයස

අපේ අම්මට අද හොඳටම යකා නැග්ගා. ඉතින් බොහෝ වෙලාවට වගේම හේතුව උනේ මමමයි. මම සඟරාවක් කියව කියව ඉන්නකොට එක පාරටම කෑ ගැසුවා. "You are not alone " කියලා. අම්මා උද ගිහිල්ලා බිම වැටුනා මගේ කෑ ගැහිල්ලට. ඔන්න්න ඉතින් ගොරවලා බැලුවා. හොඳ හරිය පටන් ගන්නේ ඊට පස්සෙයි. මම කෑ ගැහුවේ සඟරාවේ health column එකේ අවුරුදු දහසයක ගැහැණු ළමයෙක් අහලා තිබුන ප්‍රශ්නයක් නිසයි. අම්මට ඒක මම කියෙව්වාම එයාගේ රතු ඉර පැන්නා නෙමෙයි ඉගිලුනා. ඔයාලත් කැමති ඇති එයාගේ හඳ දැවෙන අපේ අම්මා ගිනිගන්න ප්‍රශ්නය දැන් ගන්න.

මගේ නම මාර්තා , අවුරුදු දහහතයි . මම තවම කන්‍යාවියක් (virgin) සහ මට තවම පෙම්වතෙක් නැහැ. මට හිතෙන්නේ මේ ලෝකේ ඉන්න අවුරුදු 17 එකම virgin මම කියලයි. ඇයි මට පිරිමි ළමයෙක් සමග යහළුවෙන්න බැරි. එයාලත් එක්ක කතා කරනකොට මගේ කකුල් වෙවුලනවා .....
ඔන්න ඔයා විදියට තමයි එයාගේ ප්‍රශ්නය ගලාගෙන යන්නේ. ඉතින් මොකද උනේ කියන්නේ මම අම්මට ඒකම මම කියන විදියට කිව්වා. අප්පේ ඊට පස්සේ ඉතින් යක නැගලා , රතු ඉරුත් පැනලා හිටිය අම්මා කිව්වේ මොනාද නොකිව්වේ මොනාද කියලා මට මෙහි ලියන්න බැහැ. ඉතින් හිමින් සැරේ ලිස්සලා ඇවිදින් කාමරේ දොර වසා ගත්ත මම පුංචි research එකක් කළා ඉන්ටෙර්නෙට් එකේ. හැබැයි මගේ මහා ලොකු රෙසේඅර්ච් ඒක තමයි google කරලා මේ ගැන තියෙන studies මොනවද කියලා බැලුව ඒක. ඔයාලට අමතක නම් මම හෙව්වේ ලෝකේ වයස අවුරුදු කියේදීද සාමාන්‍යයෙන් කන්‍යාභාවය නැතිවෙන්නේ කියලයි. මහා ලොකු ඇති දෙයකුත් නැහැ ඔයේ ගැන . හැබැයි මෙන්න මේ video ඒක නම් හම්බ උනා. ඉතින් මම ඒක ඔයාලත් එක්ක බෙදා ගන්නම්.


ඉතින් මේකේ හැටියටනම් අපි හරියට පරක්කුයි වගේ. අපේ අම්මා කියන විදියටනම් ලංකාවේ අපි ඕවා ගැන ප්‍රසිද්දියේ කතා කරෙන්න්වත් ඕක ඔච්චර හදිසියක් කරගන්නේවත් නැතිලු. මමත් එකගයි. හැබැයි ඉතින් Britney Spears පවා "I am a Virgin " කියලනේ T -Shirt එකේ ගහගෙන නැටුවෙ. කොහොමහරි මේ වෙනකම් ඔය ගැන මටනම් ප්‍රශ්නයක් තිබුනේ නැහැ. ඉතින් පහල comments දන්නා එපා මගේ ගැන අහලා. මම ඉතින් කැමති ලංකාවේ ක්‍රමේටනේ. ඉතින් ඒ ගැන දැන ගන්න ඔයාල ලංකාවේ මේ (කන්‍යාභාවය නැති වීමේ වයස) සම්බන්දයෙන් තියෙන තරුණයන් අතර තියෙන මතය අපත් එක්ක බෙදා ගන්න.
කන්‍යාභාවය නැති වීමේ වයසSocialTwist Tell-a-Friend
Posted by S.A. at 3:58 PM
Labels: රස මුසු දේ

6 comments:

Thejan said...

සරළ ‍උත්තරයක් මට නම් තියෙන්නේ. අපි වැඩි දෙනෙක් ගේ කුහක කම එළියට එන තැනක් ඕක. තමන් මොන තත්ත්වයක හි‍ටියත් තමන්ගේ ගෑණු ළමයාගෙන් ඒ තත්ත්වය අපේක්ෂා කිරීමයි ලංකාවේ සිරිත. ඒ වගේම ගැණු ළමයා ඒක ගැන ඉහළින් සිතන කෙනෙක් නම් එයාගේ කන්ය්භාවය තියෙන විදිහට තියෙන්න අරින එක ඇඟට ගුණයි. මොකද මම හොඳට දන්න යාලුවෙක් ඉන්නවා ඒ දෙන්නා අතර තිබුණු සබඳතාවය නොගැළපෙන බව අවුරුද්දකටත් පස්සෙ තේරුම් අරන් දැන් ඒක නවතන්න බැරිව දුක් විඳිනවා.

May 19, 2010 at 9:56 PM
kumaraya said...

ඔයා ඔහොම කිව්වට ශ්‍රී ලංකාවත් ඔය බටහිර රටවල් ගානට යාගෙනයි එන්නෙ. 1977 අපේ රට ජේ,ආරා විසින් ඕපන් කර දැමීම ඊට එක හේතුවක්...
නමුත් ඔබ දන්නවාද .. තවම මෙහි කන්‍යාභාවයට ගරු සැලකිළි තියනවා. සමහර කෙල්ලො ඔය ගැන හරියට පරෙස්සම් වෙනවා.[අපට ඉතින් මල පනිනවා]
සමහර අය කන්‍යාභාවය සමගම වයසට යනවා.
තව සමහරු බැඳලත් කන්‍යාභාවය රැකගෙන ඉන්නවා කියල කීවොත් ඔයා ව්ශ්වාස කරන්නෙ නැතිවෙයි.[ඒ හබාල ගැන මටනම් කණගාටුයි] අපේ මිත්‍ර ශ්‍රී කරුණානායක මහතා ඔය ගැන රිසර්ච් එකක් කළා, දැනට මාස දෙකකට පමණ පෙර. ඒක ගියෙ දිවයින ඉරිදා පත්තරේක.. පුලුවන්නම් හොයාගෙන බලන්න. ඔහාට පත්තර ලැබෙනවා ඇතැයි සිතනවා. නැතිනම් කියන්න.. මම හොයලා තැපැල් කරලා එවන්නම්.

May 19, 2010 at 10:53 PM
Leo Sadeepa said...

මේ කරනවා ගැන අද්යනයකින් තොරව අපිට කන්‍යාභාවය නැති වීමේ වයස ගැන යමක් කීම අපහසුයි. කෙසේ වෙතත් දැන් ඇතිවෙලා තියන tution සංස්කෘතියත් එක්ක ලබල වයසේම කන්‍යාභාවය අහිමි වීමේ නව ප්‍රවනතාවයක් ඇති කියලත් හිතෙනවා. තවමත් මේ වගේ දේවල් ගැන විවුර්තව කතා කරන්න සමාජයේ මැලි කමක් තියනවා.

මම ළඟක ගියපු ලිංගික අද්යාපන වැඩසටහනකදී කිවුවේ බොහෝ තරුණ පිරිමි ළමයි (පාසල් වයසේ) සක්‍රියව ලින්කික ක්‍රියාකාරකම් වල යෙදෙනවා කියලයි. තරු විසිවෙන කාරණාව නම් එහෙම ඒ ගොල්ලෝ එකතු වෙන්නේ ඒ අයගේ පෙම්වතියන් එක්ක නොව අවුරුදු 30 , 40 හේ කාන්තාවන් එක්ක බවයි.
කෙනෙක්ට කන්‍යා බාවය යල් පන ගිය ගෝත්‍රික සමාජ ලක්ෂණයක් විදියට දකින්නත් පුළුවන්. කොහොම වුනත් කන්‍යා බාවයට ලංකාවේ තාමත් තියන පිළිගනිම මගින් සමාජ රෝග , අනවශ්‍ය ගැබ් ගැනීම් වගේ ගැටළු අවම කරනන පුළුවන් කියලයි මම හිතන්නේ.

කොහොම වුනත් කන්‍යාබාවය ලංකාවෙත් පිරිමින්ට අදාල සංකල්පයක් නෙවෙඉ !! මේක සාදාරන නැහැ. කතාවට කියන්නේ "කොල්ලෙක් නම් කොහේ ගියත් හෝදලා ගෙට ගන්න පුළුවන් " කියලනේ :)

May 20, 2010 at 1:12 AM
Anonymous said...

මමනම් කවදාවත් බදින කෙල්ලගෙන් කන්‍යාබාවය අනිවර්යෙන්ම බලාපොරොත්තු වෙන්නෑ.මොකද අපිට කියන්න බෑ කන්‍යාබාවය නෑතිවුනේ කොහොමද කියල.කොහොමත් කෙල්ලන්ගෙන් 25%ක විතර කන්‍යාපටලය උපතින්ම පිහිටා නෑහෑ,එහෙමත් නත්නම් ස්වභාවිකවම කෑඩෙනව,එහෙමත්නත්නම් මේක කඩෙන්නති තරම් ගනකම්.ඒ නිසා කන්‍යාබාවය ගැන හිතනවට වඩා චරිතය ගැන හොයල බලන එක තමයි සාදාරන වන්නේ.අනෙක අපේ රටෙ කන්‍යාබාවය ගැන හොයන්නෙ විවාහවී මෙන් පසුවයී.එතකොට සියල්ල වී අවසන් තියෙන විදියට බාරගන්න එක තමා සුදුසුම දේ.කොල්ලො අපි කොහොමත් බදින්න කලින් කරන්න ඔන දෙවල් කරනවනෙ,

May 20, 2010 at 8:11 AM
S.A. said...

බලන්න අපි කන්‍යාභාවය ගැන කතා කරන දෙයෙයි මේ බටහිර සමාජයේ අය කතා කරන දෙයෙයි පැහැදිලි වෙනස. ඔවුන් කතා කරන්නේ කන්‍යාභාවය නැතිවීමේ වයස ගැන . අපි කතා කරන්නේ කන්‍යාභාවය සහ ගැහැනියකුගේ පිරිසිදුකම. සරල අදහසින් කිව්වොත් ලංකාවේ කාන්තාව බදිනකම් කන්‍යාවක් විය යුතයි කියන එකයි. ඒවගේම විද්‍යාත්මකව සිතන අදහසුත් තියෙනවා. මොනවා උනත් අපේ මේ සිරිත් විරිත් නිසා අපිට ආඩම්බර වෙන්න පුළුවන්. හැබැයි මොනතරම් කාන්තාවෝ හිතෙන විදවනවා ඇතිද? නැත්නම් ඒ සමාජ ආකල්ප මත එය එතරම් ප්‍රශ්නයක් නෙමෙයිද? කාන්තාව වගේම පිරිමයත් එසේ කන්‍යාභාවය රැකගත යුතු නැත්ද? පිරිසිදුකම කියන්නේ කන්යභාවයමද?

comments දාපු ඔය සැමෝටම ස්තුතියි!

May 20, 2010 at 4:32 PM
Anonymous said...

Read more here
http://www.kunuharupaart.blogspot.com

May 26, 2010 at 10:13 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

Sinhala Fonts

If you can not read this website please install sinhala fonts to your computer.
Get Sinhala fonts - Click here

Labels

  • ආදරය (5)
  • කෙල්ලන්ගේ පින්තුර (3)
  • ක්‍රීඩා (1)
  • ක්ෂණික පුවත් (2)
  • ගී පෙළ (3)
  • පින්තුර කතා (7)
  • පුද්ගලික (2)
  • රස මුසු දේ (2)
  • රූප දසුන් (3)
  • සජීවී විකාශන (1)

Blog Archive

  • ▼  2010 (28)
    • ►  November (1)
    • ►  July (2)
    • ▼  May (15)
      • සම්ප්‍රදායික ඕප දුපයක් - අජන්ත මෙන්ඩිස්
      • IIFA 2010 - ප්‍රවර්ධන දැන්වීම
      • මේ මොකක්ද මේ අහන්නේ !
      • කන්‍යාභාවය නැති වීමේ වයස
      • සිදත් වෙත්තමුණි
      • අලුත් දෙයක් ..
      • ලංකාව සහ උපත් පාලන කොපු ...
      • ලක්ෂ්මි රායි සහ Good Widgets
      • ගතික ආදරය
      • ලස්සන පින්තුර ටිකක් ..
      • දරිද්‍රතාවය
      • සුසානා මුකර්ජි
      • පාට පාට මල් සහ වසන්ත කාලය ...
      • ඔබ ඇපල් මලක් වාගේ - ඇපල් මලක පින්තුරයක් ...
      • සිරස සුපර් ස්ටාර් 2010
    • ►  April (10)

මගේ (ශාන්‍යයා) ගැන චුට්ටක් ....

මම ලංකාවේ ඉපිදිලා අවුරුදු කිහිපයකට කලින් පිටරටක පදිංචියට අවේ මීට අවුරුදු කීපයකට ඉස්සෙලයි .....පොඩිකාලේ ඉදලම සිංහලෙන් ඉගෙනගත්ත මට මෙහෙදී වෙනස් ලෝකයක ජීවත් වෙන්න වෙලා ..ඉතින් මම හිතුව ලංකාවේ අය එක්ක යහළුකම තියාගන්න පෙස් බුක් පිටුවක් සිංහලෙන් පවත්වාගෙන යන්න. ඒකේ පසු ප්‍රතිපලයක් තමයි මේ බ්ලොග් පිටුව .. ....ලංකාවේ යහළුවන්ට මම ආරාධනා කරනවා මගේ මේ බ්ලොග් එකට සම්බන්ද වෙන්න. මට මුලිකවම මගේ සිංහල ලියන කියන හැකියාව පවත්වාගෙන යන්න ඕන. මම ලියන අදහස් වල ව්‍යාකරණ අඩුපාඩු ඇත්නම් සමා වෙන්න. මම හිතන්නේ ඔයාල මගේ උත්සාහයට උදව් කරයි කියලයි...

lankeeya sithuwili

මේ වෙබ් අඩවිත් බලන්න...

  • lankahelp.com
    Guide to Buying a Darbuka and Learning to Play it.
    2 years ago
  • Medical Mysteries
    Mystery Diagnosis -- Behcet's Disease, Part 2 of 2
    14 years ago
  • Shanya TV
    WWF/WWE
    15 years ago
  • lovers lane
    Hangumbari - හැන්ගුම්බරි By Amila and Irosha
    15 years ago
  • Funny Videos

Followers

free counters
Follow this blog
Powered by Blogger.
 
Copyright © සීතල හිම රටේ .... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio
Downloaded from free website templates