මගේ නම මාර්තා , අවුරුදු දහහතයි . මම තවම කන්‍යාවියක් (virgin) සහ මට තවම පෙම්වතෙක් නැහැ. මට හිතෙන්නේ මේ ලෝකේ ඉන්න අවුරුදු 17 එකම virgin මම කියලයි. ඇයි මට පිරිමි ළමයෙක් සමග යහළුවෙන්න බැරි. එයාලත් එක්ක කතා කරනකොට මගේ කකුල් වෙවුලනවා .....ඔන්න ඔයා විදියට තමයි එයාගේ ප්රශ්නය ගලාගෙන යන්නේ. ඉතින් මොකද උනේ කියන්නේ මම අම්මට ඒකම මම කියන විදියට කිව්වා. අප්පේ ඊට පස්සේ ඉතින් යක නැගලා , රතු ඉරුත් පැනලා හිටිය අම්මා කිව්වේ මොනාද නොකිව්වේ මොනාද කියලා මට මෙහි ලියන්න බැහැ. ඉතින් හිමින් සැරේ ලිස්සලා ඇවිදින් කාමරේ දොර වසා ගත්ත මම පුංචි research එකක් කළා ඉන්ටෙර්නෙට් එකේ. හැබැයි මගේ මහා ලොකු රෙසේඅර්ච් ඒක තමයි google කරලා මේ ගැන තියෙන studies මොනවද කියලා බැලුව ඒක. ඔයාලට අමතක නම් මම හෙව්වේ ලෝකේ වයස අවුරුදු කියේදීද සාමාන්‍යයෙන් කන්‍යාභාවය නැතිවෙන්නේ කියලයි. මහා ලොකු ඇති දෙයකුත් නැහැ ඔයේ ගැන . හැබැයි මෙන්න මේ video ඒක නම් හම්බ උනා. ඉතින් මම ඒක ඔයාලත් එක්ක බෙදා ගන්නම්.
ඉතින් මේකේ හැටියටනම් අපි හරියට පරක්කුයි වගේ. අපේ අම්මා කියන විදියටනම් ලංකාවේ අපි ඕවා ගැන ප්‍රසිද්දියේ කතා කරෙන්න්වත් ඕක ඔච්චර හදිසියක් කරගන්නේවත් නැතිලු. මමත් එකගයි. හැබැයි ඉතින් Britney Spears පවා "I am a Virgin " කියලනේ T -Shirt එකේ ගහගෙන නැටුවෙ. කොහොමහරි මේ වෙනකම් ඔය ගැන මටනම් ප්‍රශ්නයක් තිබුනේ නැහැ. ඉතින් පහල comments දන්නා එපා මගේ ගැන අහලා. මම ඉතින් කැමති ලංකාවේ ක්‍රමේටනේ. ඉතින් ඒ ගැන දැන ගන්න ඔයාල ලංකාවේ මේ (කන්‍යාභාවය නැති වීමේ වයස) සම්බන්දයෙන් තියෙන තරුණයන් අතර තියෙන මතය අපත් එක්ක බෙදා ගන්න.
6 comments:
සරළ උත්තරයක් මට නම් තියෙන්නේ. අපි වැඩි දෙනෙක් ගේ කුහක කම එළියට එන තැනක් ඕක. තමන් මොන තත්ත්වයක හිටියත් තමන්ගේ ගෑණු ළමයාගෙන් ඒ තත්ත්වය අපේක්ෂා කිරීමයි ලංකාවේ සිරිත. ඒ වගේම ගැණු ළමයා ඒක ගැන ඉහළින් සිතන කෙනෙක් නම් එයාගේ කන්ය්භාවය තියෙන විදිහට තියෙන්න අරින එක ඇඟට ගුණයි. මොකද මම හොඳට දන්න යාලුවෙක් ඉන්නවා ඒ දෙන්නා අතර තිබුණු සබඳතාවය නොගැළපෙන බව අවුරුද්දකටත් පස්සෙ තේරුම් අරන් දැන් ඒක නවතන්න බැරිව දුක් විඳිනවා.
ඔයා ඔහොම කිව්වට ශ්‍රී ලංකාවත් ඔය බටහිර රටවල් ගානට යාගෙනයි එන්නෙ. 1977 අපේ රට ජේ,ආරා විසින් ඕපන් කර දැමීම ඊට එක හේතුවක්...
නමුත් ඔබ දන්නවාද .. තවම මෙහි කන්‍යාභාවයට ගරු සැලකිළි තියනවා. සමහර කෙල්ලො ඔය ගැන හරියට පරෙස්සම් වෙනවා.[අපට ඉතින් මල පනිනවා]
සමහර අය කන්‍යාභාවය සමගම වයසට යනවා.
තව සමහරු බැඳලත් කන්‍යාභාවය රැකගෙන ඉන්නවා කියල කීවොත් ඔයා ව්ශ්වාස කරන්නෙ නැතිවෙයි.[ඒ හබාල ගැන මටනම් කණගාටුයි] අපේ මිත්‍ර ශ්‍රී කරුණානායක මහතා ඔය ගැන රිසර්ච් එකක් කළා, දැනට මාස දෙකකට පමණ පෙර. ඒක ගියෙ දිවයින ඉරිදා පත්තරේක.. පුලුවන්නම් හොයාගෙන බලන්න. ඔහාට පත්තර ලැබෙනවා ඇතැයි සිතනවා. නැතිනම් කියන්න.. මම හොයලා තැපැල් කරලා එවන්නම්.
මේ කරනවා ගැන අද්යනයකින් තොරව අපිට කන්‍යාභාවය නැති වීමේ වයස ගැන යමක් කීම අපහසුයි. කෙසේ වෙතත් දැන් ඇතිවෙලා තියන tution සංස්කෘතියත් එක්ක ලබල වයසේම කන්‍යාභාවය අහිමි වීමේ නව ප්රවනතාවයක් ඇති කියලත් හිතෙනවා. තවමත් මේ වගේ දේවල් ගැන විවුර්තව කතා කරන්න සමාජයේ මැලි කමක් තියනවා.
මම ළඟක ගියපු ලිංගික අද්යාපන වැඩසටහනකදී කිවුවේ බොහෝ තරුණ පිරිමි ළමයි (පාසල් වයසේ) සක්‍රියව ලින්කික ක්‍රියාකාරකම් වල යෙදෙනවා කියලයි. තරු විසිවෙන කාරණාව නම් එහෙම ඒ ගොල්ලෝ එකතු වෙන්නේ ඒ අයගේ පෙම්වතියන් එක්ක නොව අවුරුදු 30 , 40 හේ කාන්තාවන් එක්ක බවයි.
කෙනෙක්ට කන්‍යා බාවය යල් පන ගිය ගෝත්‍රික සමාජ ලක්ෂණයක් විදියට දකින්නත් පුළුවන්. කොහොම වුනත් කන්‍යා බාවයට ලංකාවේ තාමත් තියන පිළිගනිම මගින් සමාජ රෝග , අනවශ්‍ය ගැබ් ගැනීම් වගේ ගැටළු අවම කරනන පුළුවන් කියලයි මම හිතන්නේ.
කොහොම වුනත් කන්යාබාවය ලංකාවෙත් පිරිමින්ට අදාල සංකල්පයක් නෙවෙඉ !! මේක සාදාරන නැහැ. කතාවට කියන්නේ "කොල්ලෙක් නම් කොහේ ගියත් හෝදලා ගෙට ගන්න පුළුවන් " කියලනේ :)
මමනම් කවදාවත් බදින කෙල්ලගෙන් කන්යාබාවය අනිවර්යෙන්ම බලාපොරොත්තු වෙන්නෑ.මොකද අපිට කියන්න බෑ කන්යාබාවය නෑතිවුනේ කොහොමද කියල.කොහොමත් කෙල්ලන්ගෙන් 25%ක විතර කන්‍යාපටලය උපතින්ම පිහිටා නෑහෑ,එහෙමත් නත්නම් ස්වභාවිකවම කෑඩෙනව,එහෙමත්නත්නම් මේක කඩෙන්නති තරම් ගනකම්.ඒ නිසා කන්යාබාවය ගැන හිතනවට වඩා චරිතය ගැන හොයල බලන එක තමයි සාදාරන වන්නේ.අනෙක අපේ රටෙ කන්යාබාවය ගැන හොයන්නෙ විවාහවී මෙන් පසුවයී.එතකොට සියල්ල වී අවසන් තියෙන විදියට බාරගන්න එක තමා සුදුසුම දේ.කොල්ලො අපි කොහොමත් බදින්න කලින් කරන්න ඔන දෙවල් කරනවනෙ,
බලන්න අපි කන්‍යාභාවය ගැන කතා කරන දෙයෙයි මේ බටහිර සමාජයේ අය කතා කරන දෙයෙයි පැහැදිලි වෙනස. ඔවුන් කතා කරන්නේ කන්‍යාභාවය නැතිවීමේ වයස ගැන . අපි කතා කරන්නේ කන්‍යාභාවය සහ ගැහැනියකුගේ පිරිසිදුකම. සරල අදහසින් කිව්වොත් ලංකාවේ කාන්තාව බදිනකම් කන්‍යාවක් විය යුතයි කියන එකයි. ඒවගේම විද්‍යාත්මකව සිතන අදහසුත් තියෙනවා. මොනවා උනත් අපේ මේ සිරිත් විරිත් නිසා අපිට ආඩම්බර වෙන්න පුළුවන්. හැබැයි මොනතරම් කාන්තාවෝ හිතෙන විදවනවා ඇතිද? නැත්නම් ඒ සමාජ ආකල්ප මත එය එතරම් ප්‍රශ්නයක් නෙමෙයිද? කාන්තාව වගේම පිරිමයත් එසේ කන්‍යාභාවය රැකගත යුතු නැත්ද? පිරිසිදුකම කියන්නේ කන්යභාවයමද?
comments දාපු ඔය සැමෝටම ස්තුතියි!
Read more here
http://www.kunuharupaart.blogspot.com
Post a Comment